පාලකයන් සහ තීරණ ගන්නා රාජ්‍ය සේවකයන්ගේ වරදින් ශ්‍රී ලංකාවට විය යුතු සියල්ලම දැන් වෙමින් පවතින්නේ මස කිහිපයක සිටය. නමුත් ඔවුන්ට තවමත් මේ ප්‍රශ්න විසදීමට අවශ්‍ය බව නොපෙනේ. ඒ වෙනුවෙන් ඔවුන්ට දැක්මක් නැත. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ පන නැති ජාතියකි. පණනැති වූ විට අරගල කිරීමට මිනිසුන් නැතිවන අතර පුරුදු ලෙසම ඔවුන්ට රජ සැප විදිය හැකිය.
මේ කුඹුරකින ඇසුණු සත්‍ය කතාවකි.
වී බුසල් තුන්සියයක් ගත් කුඹුරු වලින් මේ කන්නයෙදි වී බුසල් තිස්පහක් පමණ.. කෙසෙල් විකුණන්න බෑ… ගණන් නෑ. පොල් කැඩුම් කුලී ගියහම ඉතුරු වන දෙයක් නෑ. අපි කොළඹ ඉන්න නිසා වියදම් අහස උසට.. රුපියල් ලක්ෂයක වටිනාකම රුපියල් තිස්දාහයි.. සති දෙකකට පහලොස් දාහක ගෙනාපු බඩු දැන් තිස් දෙදාහක්. ලයිට්, වතුර බිල්..
ගමේ ගොඩාක් අය කන්නෙ එක වේලයි. දරුවො පංති යවන්න ක්‍රමයක් නෑලු.. ගාමන්ට් වල වැඩ සතියට දවස් තුනලු. මිනිස්සු ශාප කර කර අඩනවා.
අනාගතයට ඉතුරු වෙන්නෙ නූගත් පරපුරක්. පාලකයන්ට අවශ්‍යයත් නූගත් මිනිසුන් ඉන්න රටක්.
උගත් අය ගොඩාක් රටෙන් යනවා.අපිති තියෙන දෙයක් හරි විකුණලා දරුවන් රටින් පිට කරන්න බලනවා.. ඒත් දුප්පත් දෙමව්පියො😢😢😢
අපිට හැමදාම වැරදුනා කිය කියා ශාප කර කර ඉන්නවාට වඩා යමක් කල යුතුයි…
මේ ජනතාව නැවත අරගලයකට සූදානම් වෙමින් සිටි. මෙවර අරගලය පෙර පවතී අරගලයට වඩා සිය ගුණයකින් ඉහල ලේ විලක් විය හැකිය. එහි වගකීම ගැනීමට සිදුවන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම බලයක් තිබෙන පොදුජන පෙරමුණට නොහොත් පොහොට්ටුවටය.














































