කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ පහළ දමන බවට ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.
එම මිල සංශෝධනය හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කර තිබේ.
වෙළෙඳපොළේ මේ වන විට ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 3,638කි.













































