අද (31) දින කොළ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගුරු-විදුහල්පති වෘත්තීය සමති නියෝජිතයින් විසින් තම අරගලය රුපියල් 5000කට ලඝු නොකරන ලෙස ඉල්ලීමක් සිදුකර ඇත.
එම වෘත්තීය සමිති නියෝජිතයින් වැඩි දුරටත් සඳහන් කර සිටියේ කිසිදු ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් මෙම රු.5000 දීමනාව භාර නොගන්නා බවත් එම මුදල කොවිඩ් මර්දනය සඳහා තබා ගන්නා ලෙසත්ය.
සමස්ත ලංකා එක්සත් ගුරුසංගමයේ සභාපති යල්වල පඤ්ඤාසේකර හිමියන් ද මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර ඇත්තේ මෙතෙක් කාලයක් ශක්තිමත්ව මෙම අරගලය සිදුකළේ රු.5000කට ලඝු කිරීමට නොව ගුරු සේවයේ ගුණාත්මකභාවය මෙන්ම ගරුත්වය ද සැලකිල්ලට ගෙන බවය.