ගුවන් මගින් මෙරටට රැගෙන ආ කොකේන් මත්කුඩු තොගයක් සමග ටියුනීසියානු ජාතිකයෙකු කටුනායක දී අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරු ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස පෙනී සිටිමින් මෙම මත්කුඩු තොගය මෙරටට රැගෙනවිත් ඇති අතර අද (15) කටුනායක ගුවන් තොටුපළේදී සැකකරු සහ මත්කුඩු තොගය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විදේශිකයා සතුව තිබී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් තොගය කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 527 ක් වන අතර කටුනායක ගුවන් තොටුපළ වෙත මේ වන තෙක් ගුවනින් රැගෙනවිත් ඇති විශාලම මත්කුඩු තොගය ද මෙය බව සඳහන් වේ.
කටුණායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කරන්නේ අදාළ සැකකරු වන ටියුනීසියානු ජාතිකයා ගුවන් මගින් බ්‍රසීලය හා දෝහා කටාර් වෙත පැමිණ මෙලෙස මෙරටට පැමිණ ඇති බවයි.
මේ වන විට අත්අඩංගුවට ගන්නා ලද මත්කුඩු තොගය සහ සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භරදී ඇති අතර එහි දී වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.