මෙරට වී වගා කරන ගොවි ජනතාවට වගා කටයුතු සදහා භාවිතා කිරීමට ඩීසල් ලීටර් මිලියන 6.98 ක් චීන රජයෙන් පරිත්‍යාග කළ බව කියයි.
ගොවීන්ට ඉන්ධන නොමිලයේ ලබා දීම සදහා අදාළ ටෝකන් පත් නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් අද සිටම ඉන්ධන ලබා දීමට හැකි ලෙස ටෝකන් පත් නිකුත් කිරිමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවත් අද දින සිට සියලුම ගොවීන්ට නම් කර ඇති පිරවුම්හල්වලින් එම ඉන්ධන ලබා ගත හැකි බවත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ .
මේ වන විටත් මෙරට දිස්ත්‍රික්ක රැසකට අදාළ ටෝකන් පත් නිකුත් කර අවසන් කර ඇති බවත් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 5කට අද දිනය තුළ ඉන්ධන ටෝකන් පත් යැවීමට නියමිත බව කියයි.














































