ශ්‍රී ලංකා චීන තානාපති චී.ෂෙන්ග්හොන්ග් මහතා අද (14) මහනුවර අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ඇත.
එහි දී චීන තානාපතිවරයා විසින් චීන කාබනික පොහොර ගැටලුව පිළිබඳව අදහස් පළ කර ඇති අතර එහි දී ඔහු සඳහන් කර ඇත්තේ මෙම ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් බවට පත්කර ගත යුතු නැති බවත් එය වාණිජ වශයෙන් විසඳා ගතයුතු බවත් ය.
එමෙන් ම ඇතැම් පිරිස් මෙම ගැටලුව ව්‍යාකූල කිරීම සඳහා දේශපාලනීකරණය කිරීමට උත්සහ දරන බව ද ඔහු මෙහි දීසඳහන් කර ඇත.