ජපානයේ විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් මේ වන විට ආරම්භව ඇති බව වාර්තා වේ.
මෙම සාකච්ඡාව ජපානයේ ටෝකියෝ හිදී ආරම්භ වී ඇති අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව වාර්තා කර ඇත.
ජපානයේ නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) රාත්‍රියේ ටෝකියෝ නුවරට ළඟා වී තිබුණි.
එහි දී අද (27) දිනයේ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට ද නියමිතය.














































