ජල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ ගැසට් නිවේදනයට අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල සම්පාදන යෝජනා ක්‍රම මගින් ජලය සපයනු ලබන සියලුම පාරිභෝගිකයින්ගෙන් 2022 සැප්තැම්බර් මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ අය කිරීම් සිදු කරන බව සඳහන් වේ.
මීට අනුව ඕනෑම පරිශ්‍රයක ජල ගාස්තුවට ,පරිහරණ ගාස්තුව, මාසික සේවා ගාස්තුව, අනිකුත් ගාස්තු සහ අදාළ බදු ඇතුළත් වේ.
ජල බිල්පතෙහි සාමාන්‍යයෙන් සම්පූර්ණ මාසික ජල ගාස්තුව දැක්වෙන අතර ඕනෑම පාරිභෝගිකයෙකුට තම ජල බිල්පතට අමතරව එකතු කරන ලද අගය මත බදු/ අත්හිටවූ එකතු කළ අඅගය මත බදු ඉන්වොයිසයක් අවශ්‍ය වේ නම් ,ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙහි පූර්ව ලියාපදිංචියෙන් එය ලබා ගැනීමේ හැකියාව ඇති බව වාර්තා වේ.
අදාළ ගැසට් නිවේදනය පහත සබැදිය ක්ලික් කර බාගත කරගන්න
https://drive.google.com/file/d/1hBGDPBNkrN4mO4ZOkbMFie4nIYPfkqfr/view?usp=sharing














































