පංච පුද්ගල විශේෂ විමර්ශන කමිටුවක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා පත්කර තිබූ අතර අදාළ කමිටුවේ වාර්තාව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත භාර දී ඇත.
අදාළ කමිටුව විසින් ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව 2015.07.01 සිට 2021.03.17 දින දක්වා නිරීක්ෂණය කර ඇත.
ඒ අනුව අදාළ වාර්තාව එම කමිටුවේ සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය විසින් රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී අමාත්‍යවරයා වෙත පිළිගන්වා ඇත.