ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මෙන්ම ලොව ධනවත්ම පුද්ගලයෙකු ලෙස සැලකෙන Elon Musk ට්විටර් සමාජ මාධ්‍ය ජලයේ හිමිකාරත්වය ලබාගැනීමට අදාළ ගෙවීම් අවසන් කර ඇත.
ඔහු එහි හිමිකාරිත්වය තහවුරු කරගැනීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 44 ක් වැය කරමින් බහුතර කොටස් මිලදී ගැනීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය අප්‍රේල් මාසයේදී පළමු වරට ඇමෙරිකානු ඩොලර් බිලියන 44 ක් ගෙවමින් ට්විටර් සමාගම මිලදී ගැනීමට Elon Musk එකග වූ අතර විවිධ හේතු මත එය ප්‍රමාද වී ඇත.
කෙසේවෙතත් දැඩි ක්‍රියාවලියකින් පසුව බහුතර කොටස් සියල්ල මිලදී ගත් Elon Musk සිය අයිතිය තහවුරු කරගත් වහාම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ප්‍රධාන මුල්‍ය නිලධාරියා සේවයෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.















































