ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් මෙරට තුළ සංචරණ සිමා ඉවත් කිරීමත් සමග තවත් කොරෝනා රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් පවතින බවට අනතුරු අඟවා ඇත.
තවත් කොවිඩ් රැල්ලක් ඇති වීම වළක්වා ගැනිම සඳහා සීමාකිරිම් හා නීති ක්‍රියාත්මක වන සංන්දර්භය පිළිබඳ සලකා බැලීමේ දී මින් පෙර පැවති සෑම අවස්ථාවකටම වඩා මෙම අවස්ථාවේ දී නිෂ්චිත පියවර ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් බව එම සංගමය ජනපතිවෙත ලිපියක් ඉදිරිපත් කරමින් දන්වා ඇත.
එහිදී ඔවුන් මෙම ලිපිය ඔස්සේ නැවත කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා නිර්දේශ 04ක් ඉදිරිපත් කර ඇත.
ඉතා හොඳ අධීක්ෂණයක් යටතේ වත්මන් නීති හා සීමාකිරිම් දැඩි ලෙස බලාත්මක කිරීම, ප්‍රමුඛතා කණ්ඩායම් සඳහා ෆයිසර් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීම, අධි ව්‍යාප්තවීම් තත්ත්වයන් සහ සිදුවීම් සීමා කරමින් කටයුතු කිරීම සහ පර්යේෂණ සිදුකරමින් කොවිඩ් වැළඳී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් නිරන්තර අවධානයක් පවත්වා ගැනීම ආදිය එම නිර්දේශයන් වශයෙන් ඇතුළත් කර ඇත.