ගත වූ දින කිහිපය තුළ හැටන් දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන් සිවුදෙනකු ඇතුළුව 17 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇත.
මේ වන විට වෛද්‍යවරුන් 4 දෙනෙක් හෙදියන් 6ක් සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලය 7 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදිත බව හඳුනා ගෙන ඇත.
එම රෝහලේ වෛද්‍යවරයෙක් ප්‍රකාශ කර ඇත්තේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් මේ වන විටත් ස්වයං නිරෝධානයට යොමු කළ බවත්, මේ හේතුවෙන් රෝහලේ දෛනික කටයුතු වලටද බාධා පැමිණ ඇති බවත් ය.
දික්ඔය මූලික රෝහලේ මේ වන විටත් කොවිඩ් ප්‍රතිකාර වාට්ටුවේ ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත්, කොවිඩ් රෝගීන් විශාල පිරිසක් ඇඳන් නොමැතිව සිටින බවත් එම වෛද්‍යවරයා පවසා තිබේ.