ලෝකය වෙනස් වෙමින් පවතී. විද්‍යාවේ දියුණුව සමග මානව ශිෂ්ඨාචරයේ යම් දැවැන්ත විනාශයකට ලඟාවෙමින් ලෝකය පුරාම අපරාධ වැඩි වෙමින් පවතී. මීට පැය කිහිපයකට පෙර වාර්තාවන්නේ තායිලන්තයේ ඛේදනීය කතාවකි.
හිටපු පොලිස් නිලධාරියෙකු විසින් අද (06) දහවල් එකට පමණ ඊසානදිග තායිලන්තයේ නොං බුවා ලම්පු පළාතේ ටැම්බන් පරිපාලන සංවිධානය තුල සහ (TAO – Uthai Sawan Tambon) සහ එහි ළදරු පාසල තුළ වෙඩි තැබීමකට ගොස් ඔහුගේ පවුලේ අය ද මරා දමා ඔහුද මරාගෙන ඇති බව වාර්තා වේ. එහිදී දරුවන් 24 දෙනෙකු සමග සංඛ්‍යාව 36 ක් දක්වා මේ වන විට වැඩිව තිබෙන බව අප තායිලන්ත රාජකීය පොලිසිය පවසන ලදී. 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි රාජකීය තායි පොලිසිය පැවසුවේ.
වෙඩි තැබීම සිදු වූයේ පස්වරු 1 ට පමණ බව Nong Bua Lamphu පොලිස් ප්‍රධාන කාර්යාලය ප්‍රාදේශීය වාර්තාකරුවන්ට දැනුම් දී තිබේ. ඝාතකයා යැයි කියනු ලබන 34 හැවිරිදි Panya Khamrab, පළාතේ Na Wang දිස්ත්‍රික්කයේ Na Wang පොලිස් ස්ථානයේ හිටපු පොලිස් කෝප්‍රල්වරයෙකි. මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා කරමින් ඔහු පසුගියදා සේවයෙන් පහ කරනු ලැබ තිබේ.
මෙම ඛේදනීය තත්වය ශ්‍රී ලංකාවේද ඉදිරියේදී සිදුවිය හැකි අතර පාලක පන්තියේ දුර්වල ක්‍රියාවන් නිසා ජනතාව දැඩි වෛරයකින් පසු වේ. මේ පවතින පාලකයන් විසින්ද ජන සමාජය විනාශකරමින් පවතින අතර අද එකම ස්ථානයේ මරණ තුනක් සිදුව තිබෙන්නේ ඝාතනයකිනි. මහජනතාවට දිගින් දිගටම සිදුවන අකටයුතුකම් වල ප්‍රතිපලයක් ලෙස ඉදිරියේදී ශ්‍රී ලංකාවේ දැවැන්ත ඝාතන රැල්ලක් සිදු විය හැකිය. එයට් සාමාන්‍ය ජනතාව මෙන්ම විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට මුහුණදීමට සිදුවිය හැකි අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සහ විශේෂ කාර්ය බලකායේද සමහර නිලධාරීන් නිල ඇදුමේ බලයෙන් සිදුකරනු ලබන නීතිවිරෝදී ක්‍රියාවන් ද බහුල ලෙස ඒවාට බලපානු ඇත.













































