සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා තම අතීත සිහිවටනයන් කිහිපයක් ඉදිරිපත්කරමින් සටහනක් අප වෙත එවා තිබේ. එම සටහන සහ ජායාරූප එකතුව පහතින් දැක්වේ
අතීතාවර්ජනය : ” 1989 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය”
1989 ජනවාරී මස 1 දා එවකට ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රණසිංහ ප්‍රේමදාස විසින් මා උඩුදුම්බර මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් පත්කරන ලද අතර එම වර්ශයේම පෙබරවාරි 15 පැවැත්වූ මහා මැතිවරණයටද මා මහනුවර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් විය. එම මැතිවරණය ලංකාවේ ප්‍රථම සමානුපාතික මැතිවරණය ද විය.
මෙම මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික් කණ්ඩායමේ නායකත්වය දැරුවේ අභවප්‍රාප්ත දේශමාන්‍ය ඊ.එල් සේනානායක මහතාය. එමෙන්ම දිවංගත ජනාධිපති ඩී.බී විජේතුංග , චන්ද්‍රා කරුණාරත්න , ඩබ්.එම්.ටී.බී බණ්ඩා, ඒ.සී.එස් හමීඩ්, චන්ද්‍ර මන්ද සිල්වා , ගාමිණී රාජපක්ෂ , අබ්දුල් කාදර් , හරින්ද්‍රනාත් දුනුවිල, ගැමුණු අබේසුන්දර , අනුර ඩැනියල්, එස් . රාජරත්නම් , ආර්.පී විජේසිරි , එස්. බී කරලියැද්ද මහතා ඇතුලු කණ්ඩායමක් ඉදිරිපත් විය. එම කණ්ඩායක අතුරින් මනාප ඡන්ද 27,885 ලබාගෙන මා පාර්ලිමේන්තුවට ප්‍රවේශ වනවිට මා 27ත් වන වියේ පසුවිය.
මාගේ ඡන්ද ව්‍යාපාරයට එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස , ලලිත් ඇතුලත්මුදලි , ගාමිණී දිසානායක , ඩී.බී විජේතුංග වැනි නායකයින් රැසක් සහභාගී විය. ජනතා සේවය පිලිබද හොදම අත්දැකීම මා ලබාගත්තේ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ඩී.බී විජේතුංග මෙන්ම ගාමිණි දිසානායක , ලලිත් ඇතුලත්මුදලි මහත්වරුන්ගෙනි.