අද (02) දින ලෝක බොරතෙල් වෙළඳපොලේ පෙර දිනට සාපේක්ෂව බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 94.96 ලෙස සටහන් වී ඇති අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 88.74 ලෙස සටහන් වී ඇත.
කෙසේ වෙතත් ඊට සාපේක්ෂව ලංකාවේ තෙල් මිලෙහි වෙනසක් සිදු වී ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැත.
















































