බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92 ලීටරයක් රු.40.00කින් සහ පෙට්‍රල් 95 ලීටරයක් රු.30.00 කින් අඩු කරන බවයි.
ඒ අනුව නව මිල සංශෝධනය සමග පෙට්‍රල් 92 ලීටරයක් රු.410.00ක් වන අතර පෙට්‍රල් 95 ලීටරයක් රු.510.00ක් වශයෙන් පහළ ගොස් ඇත.
කෙසේ නමුත් අනෙකුත් ඉන්ධන වර්ගයන්හි මිල වෙනසක් සිදු නොවේ.
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව සිය පෙට්‍රල් මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි ලංකා IOC සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.















































