බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ ලොව පුරා බලවතුන් පවා බලශක්ති අර්බුදයකට මුහුණපා සිටින අවස්ථාවක ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව ඉන්ධන සැපයීම සහතික කිරීම පිළිබඳව සමස්ත ජාතියම සතුටු විය වුතු බවයි.
මේ වන විට පවතින අධික වර්ෂාව හේතුවෙන් විදුලි බල මණ්ඩලය විසින් බොරතෙල්වලින් සකසන ලද දැව තෙල් ටොන් 13,500ක් භාවිතයට නොගෙන ටැංකිවල ගබඩා කර ඇති බවත් බොරතෙල් ආනයනය නොකිරීමෙන් විදුලි කප්පාදුවක් ඇතිවිය හැකිය යන ප්‍රචාරය ද බොරුවක් බවත් බලශක්ති අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.
අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පලකර ඇත.
එමෙන් ම රටේ ජනතාව එකපොකුරට පැමිණ ඉන්ධන ටැංකි ගණන් පුරවාගෙන කෑන් වලටත් රැගෙන යන විට ඉබේම ඉන්ධන හිඟයක් ඇති වන බව ද අමාත්‍යවරයා එහි දී පෙන්වා දී ඇත.