English
සිංහල
19:40 සඳුදා, මාර්තු 16, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දන්නවාද අද වන විට ඔබ රුපියල් 1,395,000 ක ණයකාරයෙක් බව …………

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඔබ හිතනවා ඇති මේ මොන සංත්‍රෑසියයක් ද, මම කාගෙන් වත් ණය ගත්තේ නැහැ නොවැ කියලා . තවත් සමහරු හිතනවා ඇති මම මොකටද ලෝකෙට ණය වෙන්නේ කියලා. තව සමහරු කියයි අපි හම්බකලොක් අපි කනවා කියලා. ඔය මොනවා කිව්වත් ලංකාවේ අද ජීවත් වෙන ජනයා පමණක් නොවෙයි, මතු ඉපදෙන දරුපැටියාට පවා විශාල ණය මල්ලක් අතමිට මොළවාගෙන තමයි මෙළොව එළිය දකින්නට වී තිබෙන්නේ. මේ රට 1977න් පසු පාලනය කල පාලකයන් ඔබලාට ඉතිරි කොට දී ඇති ශේෂ පත්‍රය එයයි . එහෙත් මේවා ලංකාවේ කීයෙන් කී දෙනාටද තේරෙන්නේ?

    ලංකාවේ පාලකයෝ විශේෂයෙන්ම 1977න් පස්සේ අනුගමනය කල ආර්ථික ප්‍රතිපත්තිය විවෘත ආර්ථිකය කියලා බොහෝ අය කියනවා. එහෙත් එය කොතෙක් විවෘත ද කියා අදටත් ප්‍රශ්නයක් තිබෙනවා . සමහරු මෙයට “යැංකි ඩිකීගේ” ධනවාදී ආර්ථිකය කියලත් කියනවා. තවත් සමහරු කියනව නව ලිබරල් ආර්ථිකයක් කියලා. තවත් සමහරු කිව්වා කොල්ලකාරී ආර්ථිකය කියලා. ඔබලා කැමති එකක් දාගන්න. මම නම් මෙයට කියන්නේ “විකුණං කෑමේ” ආර්ථිකය කියලයි.

    මේ “විකුණං කෑමේ” ආර්ථිකය 1977 දී ආරම්භ වෙනකොට ලංකාවේ සමස්ත විදේශීය ණය තිබුණේ ඩොලර් බිලියනයකට මදක් වැඩියෙන් (1.4 ක් පමණ ). අද වන විට ලංකාවේ රජය , ඒ කියන්නේ ඔබ සහ මම, ඩොලර් බිලියන 51ක ණය කරුවෙක් වී තිබෙනවා. https://visualcapitalist.com>sri-lanka’s-economic-crisis-explained. (බිලියනයක් සඳහා 1 යි බිංදු 09 කි. ට්‍රිලියනයකට 1 යි බිංදු 12 ක් ඇත). ඔබට එක් පුද්ගලයකු කොපමණ මුදලක් ණය වී ඇත්ද සොයාගැනීමට අවශ්‍ය නම් විදේශීය ණය ඩොලර් බිලියන 51 ලංකාවේ ජනගහනය මිලියන 22 න් බෙදා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගයෙන් වැඩි කල විට සොයාගත හැකියි . ($51,000,000,000 ÷22,000,000×368). ඒ අනුව, එක් පුද්ගලයකු හැටියට ඔබ විදේශ රටවලට දළ වශයෙන් රුපියල් 850,000 ක් මේ වන විට ණයයි.

    මේ හා සමානවම, රජය දේශීයව ලබා ගත් ණය 2022 මාර්තු 31 වන විට රුපියල් ට්‍රිලියන 12 වෙනවා. මෙම ණය භාණ්ඩාගාර බිල්පත්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර , සහ මහබැංකුව විසින් යොදා ගන්නා අනෙකුත් ක්‍රම හරහා ලබා ගෙන තිබෙනවා . https://sundaytimes.lk>domestic-debt-restructuring-raises-fiscal-sustainability-issues
    ඒ අනුව ඔබගේ ඒක පුද්ගල ණය තවත් රුපියල් 545,454 කින් වැඩි වී ඇති බව ඔබ නොදන්නවා ඇති . ඒ අනුව පුද්ගලයකු හැටියට ඔබ රුපියල් 1,395,454 ක ණය බරක් ඔබ හිස මත තබාගෙන සිටින බව මතක තබාගත යුතුයි. (12,000,000,000,000÷22,000,000). ඔබ හිතනවා ඇති රජය නේ ඕවා ගෙවන්නේ කියලා . රජය කියන්නේ ඔබ. ඔබෙන් අරන් තමයි ගෙවන්නේ.

    ඒ වගේම, ලබන මාසය වන විට ඔබගේ ඒක පුද්ගල ණය ප්‍රමාණය තවත් වැඩි වීමට නියමිතයි. ගිය සතියේ මුදල් ඇමැති සහ ජනාධිපති හැටියට රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නවා තවත් ට්‍රිලියන 1.7 ක දේශීය ණය ලබා ගැනීමට. එනම්, සල්ලි කොල අච්චු ගැසීමට. එසේනම් මේ වර්ෂය අවසන් වන විට ඔබ තවත් රුපියල් 77,272 කින් ණය වීමට නියමිතයි. 2023 වර්ෂයට ඔබ පියමන් කරන්නේ රුපියල් දාහතර ලක්ෂයක (85000+545454+77272= 1,472,272) ණය කරුවෙක් හැටියටයි.

    මෙසේ දේශීය ණය ගැනීම තුල , අදවන විට රටේ අධිඋද්ධමන කාරි තත්ත්වයක් (Hyperinflation) නිර්මාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව https://cbsl.gov.lk>press-release-inflation 2022 ජුලි මස වන විට රටේ උද්ධමනය (Headline Inflation) 60.8 ක් ලෙසත් ආහාර උද්ධමනය (Food Inflation ) 90.9 ක් බවත් දක්වා තිබෙනවා. ගිය සතියේ අනුමැතිය ලබා ගත් ට්‍රිලියන 1.7 රුපියල් කොල වෙළෙඳපොළේ සංසරණය වීමට පටන් ගැනීමත් සමග උද්ධමනය 100% කට එහා යනු ඇත. ඔබට කීමට ඇත්තේ “තුණුරුවන්ගේ පිහිට ” පමණි.

    ලංකාවේ ජනයාගෙන් කීයෙන් කී දෙනාටද මේ බැරෑරුම් කම තේරෙන්නේ? ඔවුන් හිතනවා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමෙන් හෝ සර්වපාක්ෂික රජයක් පිහිටුවා ගැනීමෙන් හෝ පමණක් මේ විනාශයෙන් (Catastrophe) ගොඩ ඒමට හැකියි කියා ඔබ දැඩි මායාවකට හසුවී ඇති බව කිව යුතුයි. ජනයා හිතනවා නම් රජය දැන් කරන ආකාරයට තෙල්, ගෑස් දීම පමණක් කරමින් , ඔවුන්ගේ දේශපාලන ස්ථාවරය සකසා ගැනීමෙන් පසු රටේ ආර්ථික අර්බුදයට විසඳුම් දෙනු ඇතයි කියා එය කිසිදා සිදුනොවනු ඇත. විවිධ දේශපාලන කණ්ඩායම් , ආගමික සංවිධාන , නොයෙකුත් දේශපාලන යෝජනා ඉදිරිපත් කරමින් සිටී. එහෙත් ඔවුන් කිසිවෙක් තවත් මාස තුනකින් රටේ දුප්පත් මිනිසුන් දස දහස් ගණනක් සාගතයෙන් මිය යෑමට නියමිත බව නොදනී. මොවුන් සියළු දෙනා කියන්නේ විවිධ රාජ්‍ය ආයතන විකුණන්න, ඒවා තමයි මේකට හේතුව කියලා. අපි මේ වෙනකොට කීයක් වික්කද? ප්‍රශ්නය විසඳිලාද? ගුවන් සේවය , තෙල් සංස්ථාව විකුණන්න අවශ්‍යයි කියනවා.ඒක විකුණුවා කියලා ඩොලර් බිලියන 51 ණය ගෙවන්න? තෙල් සංස්ථාව විකුණල ණය ගෙවන්න? මේකට තමයි “විකුණං කෑමේ” ආර්ථිකය කියන්නේ. රනිල් , මලික් එකතු වී හම්බන්තොට වරාය වික්කා ඩොලර් බිලියන 1.2 කට. අද මොනවාද වෙලා තිබෙන්නේ ? එය විකිණීම නිසා ලංකාවේ ජාතික ආදායමට වෙලා තිබෙන දායකත්වය කුමක්ද ? ඒකෙනුත් ඩොලර් මිලියන 2ක් කොමිස් ගත්තයි කියලා සරත් ෆොන්සේකා කිව්වා. අදටත් තෙල් ගේන්නේ රාජපක්ෂ පුත්‍ර සමාගම. Coral Energy නැමති සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල විස්තර සහ තවත් තොරතුරු Web Page සඟවා තිබෙනවා.දැනට ඇනවුම් කොට තිබෙන බොරතෙල් එක නැවකින් ඩොලර් මිලියන 5කට වැඩි කොමිස් මුදලක් ගන්නා බව තෙල් සංථාවේ ආණ්ඩුවේ වෘත්තීය සමිති නායකයින් කියනවා. එසේනම් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය සමාගම් විකිණිය යුතුයි කියන සජබ සහ අනෙකුත් අය මුලින්ම කල යුත්තේ මේ වංචාව දූෂණය නැවත්වීම නොවේද? විකුණං කෑමේ ආර්ථිකය ජනයා පවා අනුමත කිරීම විදේශගත ලාංකිකයන් හැටියට අප පුදුමයට පත් කරනවා. එංගලන්තයේ විශාලතම බලශක්ති සපයන්නා ප්‍රංශ සමාගමක් වන EDF මෑතක 100% ප්‍රංශ රජය ජනසතු කලා. එංගලන්තයේ මේ දිනවල ජනයා තුල විශාල ඉල්ලීමක් තිබෙනවා ඇතැම් සමාගම් රජය සතු කිරීමට. ලංකාවේ අපි නිතරම ලෝකය යන පැත්තට විරුද්ධ දිසාවට ගමන් කරනවා. ලංකාවේ පාලකයන් රටේ ජනයාත් ඉතා කූඨ ලෙස ඒ පැත්තට හරවනවා. රටේ ජනයා දන්නේ නැහැ ගුවන් සමාගම බංකොලොත් කලේ කවුද කියලා . රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ රජය ඇනවුම් කල ගුවන් යානා ගිවිසුම අවලංගු කිරීම නිසා වු ඩොලර් මිලියන 98 ක ගනුදෙනුව තවම ඔවුන්ගේ ශේෂ පත්‍රයේ තිබෙනවා. රාජපක්ෂලා ගුවන් සමාගම තුල කල වංචා තවමත් ඔවුන්ගේ ශේෂ පත්‍රයේ තිබෙනවා. ඔවුන් සියළු දෙනා අද ජනයාට කියනවා එය විකුණං කමු කියලා . කෙතරම් අපූරුද ?

    ලබන නොවැම්බර් මාසය වන විට මෙම අර්බුදය විශාල ලෙස සමාජයට දැනීමට පටන් ගනීවි. හාල් කිලෝව රුපියල් 400-500 ක් වනු ඇති. සෑම භාණ්ඩයක්ම අද පවතින මිලට වඩා 200%-500% අතර මිලකින් ඉහළ යනු ඇති. බොහෝ නාගරික අඩු ආදායම් ලාභී ජනයා සහ ග්‍රාමීය දුගී ජනයා විශාල වශයෙන් ආහාර අහේනියකට මුහුණ පානු ඇති. ලංකාවේ ජනයා මානව ඛේදවාචකයක දෙවන අදියරට ලඟාවනු ඇති. එහෙත් , කීයෙන් කී දෙනෙකුට මෙය අවබෝධ වෙයිද ?

    එසේ නම් රජය සහ ජනයා කල යුත්තේ කුමක්ද?

    පලමුව රජය විසින් ජනයාට සත්‍ය ප්‍රකාශ කල යුතුයි. ඔවුන් පිළිගත යුතුයි ඔවුන්ට මෙයට විසඳුම් නොමැති බව. විසඳුම් සෙවීමට වහාම සියළු පක්ෂ නායකයින්ගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයක් පිහිටුවිය යුතුයි. එසේ නොමැතිව ඇමැති තනතුරු වරප්‍රසාද බෙදා ගැනීමට, කමිටු හැදීමට, , ජාතික ආණ්ඩු හැදීමට කාලය නොයදා රටේ ජනයා පිළිගන්නා එක කමිටුවක් සෑදිය යුතුයි. එය අර්බුද කළමනාකරණ කමිටුව (Crisis Management Committee ) බවට පත්කොට 15 කට නොවැඩි පිරිසක් දිවා රෑ මහන්සි වී මෙම ඛේදවාචකයෙන් මිදීමට කටයුතු කල යුතුයි . වහා ඩොලර් සෙවීමේ මාර්ග හඳුනාගෙන කඩිනම් මෙහෙයුමක් ආරම්භ කල යුතුයි.

    අදාළ කමිටුව ලෝකයේ කලාප බෙදාගෙන විශේෂයෙන්ම විදේශගත ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කල යුතුයි වහාම තම මව්බිම ගොඩනැගීමේ මහා ව්‍යායාමයට දායක වන ලෙස. අවශ්‍ය නම් ඒ රටවලට පෞද්ගලිකව ගොස් ලාංකික සංවිධාන හරහා ජනයා ඒක රාශී කොට ඔවුන්ගෙන් එසේ ඉල්ලා සිටිය හැකියි .වරක් නරේන්ද්‍ර මෝදී එංගලන්තයට පැමිණ වෙම්බ්ලි ක්‍රීඩාංගණයට ඉන්දියානු ජනයා කැඳවා එසේ ඉල්ලීම් කලා. ඔහු අමෙරිකාවටත් ගියා. ඉන්දියාවේ ජනකාන්ත කලාකරුවන් විදේශ රටවලට යවා ජනයාගෙන් ඉල්ලීම් කලා ඉන්දියාව ගොඩනැගීමට මුදල් එවන ලෙසට. ඉන්දියානු ජනයා ඉතා හොඳින් එයට ප්‍රතිචාර දැක්වූවා. ඒ ආකාරයටම, විදේශගත ලාංකිකයන් හැටියට දායක වීමට අප සෑම විටම සූදානම් බව කිව යුතුයි. ඒ සඳහා අපිට අවශ්‍ය වන්නේ රටේ විශ්වාස වන්ත නායකත්වයක් පමණි.

    මේ අර්බුදයෙන් ලංකාව ගොඩ ගත හැක්කේ විදේශගත ලාංකිකයන්ට පමණක් බව රටේ ජනයා වුවද අවබෝධ කරගත යුතුයි . ඔවුන් අත පමණයි ඩොලර් තිබෙන්නේ . මාස හයක් ඇතුලත රට නැවත හුස්ම ගන්නා තත්ත්වයට පත්කල හැක්කේ විදේශ ගත ලාංකිකයන්ට පමණයි. මන්ද IMF , වෙනත් කිසිදු රටක්, ආයතනයක් , හෝ සංවිධානයක් ඔවුන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක නොකරන්නේ නම් ලංකාවට කිසිදු උදව්වක් ලබා නොදෙනු ඇති.

    විදේශගත ශ්‍රී ලාංකිකයන් මිලියන 1.5-1.7 අතර ප්‍රමාණයක් ලංකාවේ පුරවැසි කම තවමත් තබා ගනිමින් සිටින අතර තවත් මිලියන 2.0-3.0 අතර ප්‍රමාණයක් ලංකාවේ පුරවැසිකම අත්හැර විදේශ වල මේ වන විට ජීවත් වෙනවා. මින් භාගයක පිරිසක් මසකට ඩොලර් 1000 ක් ලංකාවේ බැංකු පද්ධතියට එවීමට පොළඹවා ගැනීමට හැකියාව තිබෙනවා. මා මෙය මීට පෙර ප්‍රකාශ කල විට සමහරක් ජනයා ප්‍රකාශ කලේ ” උඹලගේ ඩොලර් අපිට එපා. අපි කොහොම හරි අපේ ප්‍රශ්න විසඳගන්නම්, කටවහගෙන හිටු ” කියලයි. එවන් ජාතියක් සිටිනා රටක් පිනෙන් උදාරයි කීම හැර වෙන කුමක් කියන්නද?

    ඒ සමග , මැදපෙරදිග සහ අනෙකුත් රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගේ ප්‍රේශන , සංචාරක ව්‍යාපාරය, සහ නිෂ්පාදන අපනයනය හරියාකාරව වර්ධනය කරගැනීමට මාස හයක් හෝ අවුරුද්දක් එක දිගට කටයුතු කලහොත් ලංකාවේ ජීවිත ලක්ෂ ගණනක් බේරා ගැනීමට පුළුවනි. එසේ නොමැතිව , රටේ පාලකයන් මෙන්ම බහුතර මැද සහ ඉහළ මැද පංතියේ ජනයා පම්පෝරි ගසමින්, කල් මරමින් කාලය ගත කල හොත් ඉන්දියාවේ බරණැස එදා දුටු විශාලා මහනුවර සියැසින් මෙකල ලංකාවේ දැකගැනීමට ඔබට අවස්ථාව උදාවනු ඇති .

    ශාන්ත ජයරත්න
    ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
    SLIDA
    16.8.2022

    Tags: විශේෂ
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 21, 2024
    Uncategorized

    පොලීසියේ ලොකු පුටුවල වෙනසක් .

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    ප්‍රාදේශීය ලේකම්වරු මාරුකලාට තවත් මහජන උද්ඝෝෂණ දෙකක්?

    පෙබරවාරි 9, 2024
    දිස්ත්‍රික් ලේකම් කාර්යාල

    නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් සංචිතයට මාරු කරයි!  දේශපාලන උවනාවක් දැයි සැකයක් ! සේවකයින්  විරෝධය පාති!

    පෙබරවාරි 3, 2024
    දේශපාලන කතා

    ආගමික සංහිඳියාව ඇති කල “තිස්සට” ගෞරව සම්මානයක්

    ජනවාරි 31, 2024
    පොලිසිය

    තැපැල් සේවකයෝ හතරක් කාමය වරදවා හැසිරිලා.

    ජනවාරි 31, 2024
    සෞඛ්‍ය

    අක්ෂි රෝහලේ වැඩවර්ජනය අවසන්

    දෙසැම්බර් 14, 2023
    විදේශීය පුවත්

    සෙල්ෆියක් නිසා බිලි වෙන්නට ගිය ජීවිතය

    දෙසැම්බර් 14, 2023
    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

    විදේශික සංක්‍රමණිකයන්ට සෞඛ්‍යයයෙන් උපදෙස්.

    දෙසැම්බර් 14, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version