English
සිංහල
19:53 ඉරිදා, මැයි 11, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දළදා පෙරහරේ සම්ප්‍රදාය විකෘති කරන මාධ්‍ය සංදර්ශන. ( වීඩියෝ සහිතයි)

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    දළදා පෙරහර විකෘති කරන මාධ්‍ය සංදර්ශනය. ( වීඩියෝ සහිතයි)

    දළදා වහන්සේ සතු ඓතිහාසිකත්වය විමසා බැලීමේදී ඒ වටා ගොඩ නැගී  තිබෙන ගද්‍ය, පද්‍ය හා ගෙයිය කාව්‍යයන්ගෙන් නිරූපිත කරුණු කාරණා තුලින් දළදාව සාහිත්‍යක් ලෙස හැදින්වීමට හැකි තරම් මූලාශ්‍ර රාශියක් තිබේ. දළදා පූජාවලිය, දළදා සිරිත, දළදා හටන, දළදාවලිය, දන්ත ධාතු විස්තරය, දළදා විත්ති, දළදා අෂ්ටක, ආදී කෘති මෙන්ම දළදාව හා සෘජුවම සම්බන්ද නොවුනද  මහාවංශය, චූලවංශය, පූජාවලිය, සිංහල ථූපවංශය, මෙන්ම, ත්‍රිපිටකයේ විවිධ සූත්‍ර දේශනා වලද දළදාවේ ඓතිහාසිකත්වය සහ  පාලකයා  හෝ ජනතාව සමග ඇති බැදීම පිලිබදව මනාව පෙන්වා දෙයි.

    එසේම බුද්ධ පරිනිර්වාණය, කාලිංග දේශය හා වාම ධාතූන් වහන්සේ සමග ඇති සබදතාවය, අනුරාධපුර යුගය, දළදා පෙරහැර පිලිබදව පාහියන් වාර්තාව, පොලොන්නරු  යුගය, දඹදෙණි යුගය, යාපහුව හා කුරුණෑගල යුගයන්, ගම්පල හා කෝට්ටේ යුගයන් මෙන්ම මහනුවර යුගයේදී දළදා වහන්සේට තිබූ ඓතිහාසිකත්වය ආදී බොහෝ දේ පිලිබදව බෞද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව බැලීමට මෙන්ම එම ස්ථානයන් වලදීද දළදා වහන්සේ සුරැකීම සදහා පෙරමුණ ගත්තේද සැබෑ බෞද්ධ සිංහල ලේ ඇත්තෝය. අනික් ඇත්තෝ අතීතයේ සිටම කලේ එහි ගරුත්වය විකුණා බුදු දහම විනාශ කිරීමය.

    අති උතුම් දළදා වහන්සේ යනු ශ්‍රී ලාංකිකයන්ට පමණක් උරුම දෙයක් නොවේ. එය සකල ලෝ වැසි බෞද්ධ උරුමයක්ය. දළදා මාලිගාවේ සේවකයෝ බොහෝ දෙනෙකු පෙර මා කි ඉතිහාසය හෝ මෙහි තිබෙන වටිනාකම හෝ දළදා වහන්සේ සුරැකිය යුත්තේ කෙසේද යන්න නොදන්නේද? එසේත් නොමැති නම්  ඒ සදහා ඔවුන්ට අවශ්‍යතාවයක් නැතිද? එසේත් නොමැතිනම් ඔවුන්ගේ පටු අරමුණු වෙනස්ද ?. රාවණා ගවේෂණය මේ ඊයේ පෙරහරේ එක් කරුණක් වෙත පමණි. මේ ඒ කාරණාවය.

    සකල ලෝ වැසි ජනතාවම අද මර උගුලක පැටලී හමාරය. ශ්‍රී ලාංකික අප  සියලු විටම පවසන්නේ දළදා සමිදු පිහිටයි ලෙසිනි. වෙනදා සියලු ජාතික නාලිකාවන් විවිධ ස්ථානවල සිට විවිද දර්ශන පත යොදමින් සමස්ත දළදා පෙරහරම ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව සකල ලෝ වැසියන්ටම දැක බලාගැනීමට හැකියාව ලබා දුන්නේය. එහෙත් වසර කිහිපයක සිට එසේ නැත. අප මේ ගැන කල විමසීමකදී දැකගත්තේ , දළදා මාලිගාවේ මාද්‍ය ඒකකයක් ක්‍රියාත්මක වන බවත් එයින් මෙම පෙරහර මෙවර රූපවාහිනී මාද්‍ය වලට ලැබී නොදීමට තීරණය කර තිබෙන බවය.රූපවාහිනී මාද්‍ය ප්‍රචාරය කිරීම සදහා මාලිගාවේ මාද්‍ය  ඒකකය වෙත විශාල මුදලක් ගෙවා ප්‍රචාරයට අවසර ගත යුතු බවය. ජනතාව මාලිගාව වෙත මුදල් නමන්නේ ඈත දුෂ්කර පන්සල් විහාර නඩත්තු කරන්නටය. එහෙත් මේ මාද්‍ය  අංශයේ ලක්ෂ ගණන් වැටුප් ලබන ප්‍රදානීන් සිටින බව වාර්තා වේ. ජනතාව තම ආධාර උපකාර මාලිගාව වෙත ලබා දෙන්නේ මෙවන් බොරු මාද්‍ය අංශයක් පවත්වාගෙන යන්නට නොවේ. එහෙත් එයින් සිදු විය යුතු සියලුම දේ පැහැදිලිවම සිදු වන්නේ නම් එසේ කලාටද කම් නැත.  එපමණක්ද නොව, මෙම මාද්‍ය අංශය බස්නායක නිලමේතුමාද නොමග යවන බව පැහැදිලිය.

    අප මේ මාද්‍ය අංශය ගැන සොයා බැලුවෙමි. ඒ ගැන පසුව ලියන්නට අවශ්‍ය හිඩැස තබාගෙන, ඔවුන්ගේ you tube නාලිකාව අධ්‍යනය කලෙමි. දළදා මාලිගාවට ගොඩවීමට අනිවාර්යෙන්ම සුදු වතින් සැරසිය යුතුය. එහෙත් මේ මාද්‍ය අංශය තම වැඩසටහන් විකාශය කරන්නේ අඩුම තරමින් සුදු ඇදුමින් සැරසීවත් නොවේ. පළමුව මේ මාද්‍ය අංශය දැනගත යුතුය , තමන් කරන්නේ මේ දළදා වහන්සේ සුරකිනවාද, නැතිනම් ගරු කරනවාද, එසේත් නොමැතිනම් මේ නිවේදකයන් හෝ සේවකයනුත් නොදන්නා අයුරින් මිලියන ගණන් මුදල් හම්බ කිරීම  සදහා දළදා වහන්සේ විකිණීමක් සිදු කරනවාද යන්න.

    අනික් කාරනාව ඊයේ පෙරහරේ මෙම මාද්‍ය අංශයේ යයි කියාගන්නා වීඩියෝ ශිල්පීන් ගේ අශික්කිත හැසිරීම්ය. ලෝකයක් බල සිටිනා පෙරහෙරේ නිසි පිළිවෙලට ගමන් කලේ දළදා  පෙරහැර පමණි. අනිකුත්  දේවාල වල පෙරහැරවල් සියල්ල කිසි පිළිවෙලක් නැතිව, සමහර ස්ථානවල මීටර් 200, 300 තරම් පෙරහැර හිස්ව පැවතුනි.

    එයට හේතුව මේ කැමරාශිල්පීන්ට අවශ්‍ය ලෙස ඔවුන්ගේ රූප රාමු වලට හරියන ලෙස එකම තැන පැය ගනන් නැටවීම්ය. මා එනිසාමයි  මුලින්ම සදහන් කලේ මේ මාද්‍ය අංශය යම් වෙලදාමක නිරත වන බව. මේ පෙරහැර දළදා මාලිගාවේ තාවකාලික බාරකරුවන්ට ලබා දී තිබෙන වෙළද භාණ්ඩයක් හෝ නාඩගම් පොලක්  නොවේ.

    කෙසේ වුවද, මේ මාද්‍ය අංශයට පින්වත් ස්වාමීන් වහන්සේලා විරුද්දව තිබේ. එහෙත් උන් වහන්සේලාට ඉහලින් වෙළදාම , ගසා කෑම හා දූෂණය ක්‍රියාත්මකව තිබෙන බව පෙනේ. දළදා වහන්සේගේ බාරකරුවන්ගේ ප්‍රශ්නද තිබෙන බව පැහැදිලිය. නාථ දේවාලයේ බස්නායක නිලමේතුමාගේ සම්බන්දීකරන ලේකම්ට සහ වාහනයට ඇසිඩ් ප්‍රහාරයක්ද එල්ල වූ බව මාද්‍ය වාර්තා කර තිබුණි.

    මේ ලෝ වාසි බෞද්ධ මුදුන් මල්කඩයි. ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලු රටවැසියන් මර බියෙන් ජීවත් වන මේ මොහොතේ මේ පෙරහැර මංගල්‍ය මීට වඩා ඉහලින්, රටට ආශීර්වාද පතා සිදු කිරීමට හැකියාව තිබියදී, මේ සිදු කරන මාද්‍ය සංදර්ශන තුලින්, අපරාධ තුලින් රටටත්, සියලු වැසියන්ටත් සිදු වන්නේ තව තවත් අගාදයට යාම පමණි. දළදා වහන්සේගේ බාරකරුවන් මීට වඩා වගකීමෙන් වැඩ නොකළහොත්, මහා විනාශයක තවත් ආරම්භයක් සනිටුහන් විය හැකි අතර, දළදා වහන්සේගේ ආරක්ෂාවත්, පිහිටත් රැකවරණයත් සැලසෙන්නේ උන් වහන්සේගේ බාරකරුවන්ගේ ක්‍රියාපටිපාටියට අනුවය.

    .

    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 21, 2024
    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 20, 2024
    Uncategorized

    දුම්රියක් පීලි පනී.

    මාර්තු 19, 2024
    Uncategorized

    තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.

    මාර්තු 19, 2024
    Uncategorized

    පුවක් අපනයන බෝගයක් කරයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    හෙටත් මුළු රටම රත් වෙයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    ලංගම බස් රථයක් පෙරළෙයි.

    මාර්තු 19, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    ×
    Go to mobile version