මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කටයුතුවලට බාධා එල්ලකරමින් දුම්රිය පීලිපැනීමක් සිදුව ඇත.
ඊයේ රාත්‍රියේ කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවත ධාවනාගාරය වෙත ධාවනය වන අවස්ථාවේ කොල්ලුපිටිය ආසන්නයේ දී පීලිපැනීමට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙනිසා දුම්රිය මාර්ගයට ද දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තා වේ.
දුම්රිය යළිත් පීිලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් එනිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රියවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.















































