රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ ගිනි ගැනීමක් සිදුව ඇත.
AFC 15605 දරන රුමේනියම් මැදිරිය මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇති අතර මෙම මැදිරිය ධාවනය වූ දුම්රියක මැදිරියක් නොවන බව වාර්තා වේ.
කෙසේ නමුත් මේ වන විට වාර්තා වී ඇත්තේ අලුත්වැඩියා කටයුතු සිදු කරමින් තිබු මැදිරියක් මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇති බවයි.

















































