දුම්රිය රියදුරන් සහ සහායකවරුන් ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගෙන ඇත.
මෙනිසා දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව වාර්තා වේ.
බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය අද (27) උදෑසන “දුම්රිය සහයකයෙකු” විසින් මරදාන සිට දෙමටගොඩ දුම්රිය අංගනය වෙත රැගෙන යාමේ දී අනතුරක් සිදුව ඇති අතර ඉන් දුම්රිය රියදුරෙකුගේ නිල නිවසට ද හානි සිදුව ඇත.
දුම්රිය පාලනාධිකාරිය අනතුර සම්බන්ධයෙන් රියදුරු සහායකවරයෙකුගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇත.
දුම්රිය එන්ජින් රියදුරු සහායකවරුන් ඊට විරෝධය පලකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගෙන ඇති අතර එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැය 02කට ආසන්න කාලයක් පැවති අතර එම කාලයේ දී දුම්රිය 05ක් අවලංගු කිරීමට ද පියවර ගෙන ඇත.
කෙසේ නමුත් මේ වන විට දුම්රිය පාලනාධිකාරය විසින් අදාළ අනතුරු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
















































