කඳාන උප දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දමා ඇත.
එසේ වසා දැමීමට තීරණය කර ඇත්තේ එම දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු උප දුම්රිය ස්ථානාධිපතිවරයෙක් කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීම හේතුවෙනි.
ඒ අනුව එම දුම්රිය ස්ථානය මේ වන විට විෂබීජහරණය කර විවෘත කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.