මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 අයවැය යෝජනාවලට අනුව දුම්වැටියක මිල රුපියල් 05.00 කින් ඉහළ දමන බවට ප්‍රකාශ කළ අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටියක මිල ඉහළ දැමීම සිදු කර ඇත.
වසර තුනක පමණ සිට දුම්වැටියක මිල ඉහළ නොගිය බවත් ඒ අනුව මෙම මිල ඉහළ දැමීම විශේෂිත අවස්ථාවක් බවත් දුම්කොළ සහ මද්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මිල සූත්‍රයට අනුව මෙම මිල සෑම වසරකම වැඩි වුවහොත් අවුරුදු 05ක් ඇතුළත දුම්වැටියක මිල රු.100.00 ට ආසන්න මුදලකට දුම්වැටි මිල ඉහළ යන බවයි.
මෙලෙස දුම්වැටි මිල ඉහළ යාම ආණ්ඩුවට ලැබෙන ආදායමක් බවත් දුම්වැටියක මිල රු.5.00 කින් ඉහළ යාමත් සමග ලංකාවට වසරකට ලැබෙන බදු ආදායම රු.බිලියන 08ක් වන බවත් ඔහු මෙහි දී වැඩිදුරටත් සඳහන් කර ඇත.
එමෙන්ම 2026 වසර වන විට දුම්වැටියක මිල දැන් පවතින මිලට වඩා රු.25 – 30 අතර මුදලකින් ඉහළ යන අතර මෙලෙස දුම්වැටි මිල වැඩි කිරීම ඔස්සේ වසරකට මිනිස් ජීවිත 180ක් පමණ බේරාගැනීම් හැකියාව ද පවතින බවයි ඔහු ප්‍රකාශ කළේ.