ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ රට ගොඩනෑගීමට උදා වී ඇති අවසන් අවස්ථාව මෙය බවයි.
ඊයේ (21) පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සොයා බැලීම සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද අනුරාධපුර සංවර්ධන සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
එහි දී අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා මේ බව සඳහන් කර ඇත.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ තුනේම මහජන නියෝජිතයින් එක්ව සිටීම විශේෂත්වයකි.
එහි දී අදහස් දැකුවූ දුමින්ද දිසානායක මහතා,
“අපි ආණ්ඩුවේ ඉද්දී ඔබට සමච්චල් කළා කොළොප්පම් කළා.ඔබතුමා තමයි හැමදාම විපක්ෂයේ හිටියේ කියලා.හැබැයි ඔබතුමා නිකන් හිටියේ නෑ.ඔබතුමා Home work කලා.ඒ නිසා ඕනෑම ප්‍රශ්නයකට ඔබට පිළිතුරු තියෙනවා.ඊයේ තවත් පිරිසක් තවත් ගමනක් ගියා.ඡන්දයෙන් පස්සේවත් එකතුවිය යුතුයි කියන හැඟීම නැහැ.ඔවුන් ජනාධිපති වුණා නම් මේ දේ කරයිද? කියන සැකයත් අපට තියනවා.”