ජන බලවේග ආණ්ඩුවක් යටතේ පැවැත්වීමට අපි කටයුතු කරනවා.”
සමගි ජන බලවේගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේ සඳහන් කළේය.
“රටක පාලකයන් දූෂිතයි නම් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා දූෂිත පාලකයන්ගෙන් රට බේරා ගැනීමට ජනතාව කටයුතු කළ යුතුයි. අද රටේ පාලකයා ත්‍රස්ත විරෝධී පනතක් ගෙනැවිත් මර්දනය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මේ දවස්වල ඔහු අයි.එම්.එෆ්. අඳෝනාවක් නගනවා. ජනතාව ගැන කිසිදු තැකීමක් මේ පාලකයාට නැහැ. රට මේ තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් එකම පක්ෂය සමගි ජන බලවේගයයි.”
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙසේ පැවැසීය.
“දිවයිනේ දැවැන්තම මැයි රැළිය පවත්වන්න අපට හැකියාව ලැබුණා. අපට ජාතික ආණ්ඩුවකට ජනාධිපතිවරයා කතා කරනවා. මේ රට බංකොළොත් කළ රට විනාස කරපු අයත් එක්ක එකතු වෙලා අපි ජාතික ආණ්ඩුවක් හදන්නේ කොහොම ද කියලා අහනවා. කඩා වැටෙන ආණ්ඩුවකට මුක්කු ගහන්න අපේ කවුරුත් සූදානම් නැහැ. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ මේ රට දිනවීමට අපි කටයුතු කරනවා.”
සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂක මුජුබර් රහුමාන්, සමගි වෘත්තීය සමිති සංගම් සභාපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, සමගි ජන බලවේගයේ දොම්පේ ප්‍රධාන ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.
සමගි ජන සන්ධානයට අනුබද්ධිත පක්ෂ නායකයන් වන රවුෆ් හකීම්, පී. දිගම්බරම්, මනෝ ගනේෂන්, රිෂාද් බදියුදීන්, වී. රාධා ක්‍රිෂ්ණන්, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණානායක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ජේ.සී. අලවතුවල, බුද්ධික පතිරණ, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතානගේ, එස්.එම්. මරික්කාර්, ඉරාන් වික්‍රමරත්න, කාවින්ද ජයවර්ධන, තුෂාර ඉඳුනිල් අමරසේන, වරුණ ලියනගේ, සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මැයි දින සැමරුමට සහභාගි වූහ.
සමගි තරුණ බලවේගය, සමගි වනිතා බලවේගය, රාජ්‍ය සේවා සමගි වෘත්තීය සමිති සම්මේලනය, සමගි විහිදුම් බලගණය, සමගි රණවිරු බලවේගය, සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන රැසක නියෝජිතයෝ ද මේ සඳහා එක්ව සිටියහ.
කොළඹ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේ පැවැති සමගි ජන බලවේගයේ මැයි දින රැළිය සඳහා එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, භාණ්ඩාගාරික, ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණානයක, කබීර් හෂීම්, ජේ.සී. අලවතුවල, තුෂාර ඉඳුනිල් අමරසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඡායාරූපයේ වෙති.
මැයි දින රැළිය ඇමතූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
( ලංකාදීප )














































