මෙරට පළමුවරට ලාංකීය ශ්‍රමය සහ තාක්ෂණය යොදා ගනිමින් දේශීය අගයක් එකතු කරමින් නිපදවන ලද ට්‍රක් රථ පෙළක් අද (20) දිනයේ වෙළඳපොළට හඳුන්වා දෙනු ලබයි.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් යුක්තව අද පෙරවරුවේ හෝමාගම, ගොඩගම පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ කර්මාන්ත ශාලාවේ දී මෙම හඳුන්වා දීම සිදුකර ඇත.
මෙම ට්‍රක් රථ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් එකලස් කර සකස් කරන ලදී.
පසුගිය මාර්තු මස 15 වනදා ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය ,එකලස් කිරීම හා අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් ද හඳුන්වා දෙන ලදී.