මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කළේ එළඹෙන වසරේ ජනවාරි මස තෙක් දීර්ඝ විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.
ඉදිරි සති දෙකේදී නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ බිඳ වැටී ඇති ජනන යන්ත්‍ර දෙන ද යළි පද්ධතියට එක්කරගත හැකි බවයි එම කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.
මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ විදුලි ජනනය සඳහා අවශ්‍ය දෙවන ගල් අඟුරු ඇණවුම වෙනුවෙන් අත්තිකාරම් මුදල් ගෙවා ඇති බවයි.














































