ශ්‍රී ලංකාවේ දේශ හිතෛෂී ජනතාව නිරන්තරයෙන්ම පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන රුසියාවෙන් ලබා ගන්නා ලෙසයි.ඒ සදහා රජයන් රජයන් අතර ගිවිසුම් ගත වීමෙන් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියන ගණනාවක් ඉතිරිවන බව ඔවුන් පෙන්වා දෙයි. මන්ත්‍රී විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර වැනි මන්ත්‍රීවරුන්ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පවා පෙන්වා දුන්නේ රුසියාවෙන් සෘජුවම බොරතෙල් මිලදී ගන්නා ලෙසය.
මේ අතර කාංචන විජේසේකර මහතා එයට ඇහුන්කන් දුන් බවක් පෙන්වීමටදෝ රුසියාවෙන් බොරතෙල් නැව් දෙකක් දෙකක් පැමිණෙන බවට ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. ඔහුට අනුව ඊයේ (13) රාත්‍රියේ කොළඹට පැමිණෙන අතර එහි බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් අඩංගු බව සදහන් වේ. මෙට්‍රික් ටොන් 120,000ක් අඩංගු 2 වන බොරතෙල් නෞකාව අගෝස්තු 23-29 දක්වා කාලය තුළ කොළඹට පැමිනීමට නියමිතය.
නමුත් තතු දත් දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික දේශ හිතෛෂි ජනතාව පවසන්නේ මෙම බොර තෙල් නෞකා දෙකම පැමිණෙන්නේ ඩුබායි හි “කොරල් එනර්ජි” සමාගම හරහා බවයි. එයින් ශ්‍රී ලංකාවට ආදරය කරන ජනතාව බලාපොරොත්තුවන විදේශ විනිමය සහ ශ්‍රී ලංකාවට නොලැබී යන බවද ඔවුන් පෙන්වා දෙයි. එයින් ජනතාව අතරට ගොස් තිබෙන “රුසියාවෙන් බොරතෙල් ගන්න” කියන කතාවට තිත තැබීමක් ලෙස එසේ පවසන බවද ඔවුන් ප්‍රකාශ කරයි.
කෙසේ නමුත් කාංචන විජේසේකර අමාත්‍යවරයා බොහෝ අවස්ථාවල ප්‍රසිද්ධියේම බොරු කිවේය. නමුත් ඔහුට කරන්න තිබුනේ බොරුකීම වෙනුවට “ඉන්ධන ගන්න මුදල් නෑ. එක නිසා තමයි වෙනත් ආයතනයකින් ගන්න වෙලා තියෙන්නේ” ලෙසයි. එසේම රුසියාව හරහා ඉන්ධන ලබා ගැනීමට කල ඉල්ලීම් පිළිබදවද ඔහු කිසිදු නිසි පිළිතුරක් ලබා දුන් බවක් අපට වාර්තා උනේද නැත.
ලෝකය යනු දැන් විශ්ව ගම්මානයකි. ලෝකයේ කොතන කුමක් සිදු වුවත් ඒ සියල්ලම දැන් ජනතාව අතට පත් වෙයි. ජන විඥානය වෙනස් කිරීමට පෙර ගත් උත්සාහයන් ගැනීමෙන් පලක් නොවනු ඇත. දැන් ජනතාව පෙරට වඩා දැනුමෙන් ඉහලින් සිටි. ව්‍යාපාරික දේශපාලනයෙන් බැහැරව සැබෑ දේශපාලන න්‍යායන්ගෙන් පිරිපුන් දේශපාලඥයන් තෝරා ගැනීම ජනතාවගේ දැඩි වගකීමකි. එසේ නොමැති වීමේ ප්‍රතිපලය අපට ලැබෙමින් තිබෙන්නේ දරුණුතම අයහපත් ආකාරයෙනි.














































