සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ නිසි බලධාරීන්ගේ අවසරයකින් තොරව ජනතාව ඒකරාශී වන කිසිදු වැඩසටහනක් හෝ රැස්වීමක් පැවැත්වීම වළක්වාලමින්ය.
එමෙන්ම අවසරයකින් තොරව එවැනි ඒකරාශී වීමක් හෝ රැස්වීමක් පැවතියහොත් එම පුද්ගලයින්ට විරුද්ධව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සඳහන් කර ඇති අතර සමස්ත ශ්‍රී ලංකාවම මේ වන විට කොවිඩ් – 19 සම්බන්ධයෙන් රෝගී ප්‍රදේශයක් ලෙස ද මෙහි නම් කර ඇත.
ඒ අනුව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතට ද සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත.