2009 යුද්ධය නිමා වීමත් සමගම රාජපක්ෂවරුන්ට ශ්‍රී ලාංකිකයන් සැලකුවේ දෙවියන් සේය. නමුත් බොහෝ දමිල ජාතිකයන් ඔවුන්ට වෛර කළේය. නමුත් යුද්ධයෙන් පසුව දමිළ ජනතාව දිනා ගැනීමට ඔවුන් අපොහොසත් වුයේ ඔවුන් රාජ්‍ය පාලනය කර තිබෙන්නේ රටට ආදරේ පුද්ගලයන් ලෙස නොවන බැවිනි. රටකට අවශ්‍ය වන්නේ සියලුම ජනතාවට ආදරය කරන දේශපාලන සංස්කෘතියක් විනා ජාති, ආගම් මෙන්ම පක්ෂ වලින් බෙදී ගිය දේශපාලන ක්‍රමයක් සහ දූෂිත දේශපාලඥයන් නොවේ.
දෙවියන් සේ සැලකුම් ලැබූ රාජපක්ෂවරුන් පලාගොස් සැගවුණේ ඔවුන් වෙනුවෙනම කතිරය ගැසූ ජනතාවද පාරට බැසීම නිසාය. ඔවුන්ගේ දූෂණ, වංචා කෙතරම්ද යත් ඒවා සෙවීමට වෙනමම අවුරුදු ගණනාවක් කැපකිරීමට සිදුවනු ඇත.
මේ සියල්ලම එසේ වෙද්දී ශ්‍රී ලංකාව දැන් දුක්ඛිත රාජ්‍යක් බවට පත් වී අවසන්ය. එය ලෙබනනය හා සමාන වී ඇත. එහෙත් දූෂිත පාලකයන් යනු සැප දුටු, දුක නොදුටු පුද්ගලයන් බැවින් එය ඔවුන්ට ගානක්වත් නැත. මේ සියල්ලම මෙසේ සිද්වෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ඊයේ (14) කොළඹ මහ අධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවන ලදී. එම නඩුව දෙසැම්බර් මස 08 වැනිදා නැවත කැඳවීමට දින නියම කරන ලදී.
2013 ඔක්තෝබර් මස 1 සිට 2014 අගෝස්තු 31 අතර කාලයේදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කර තිබේ.
එහි විත්තිකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ගවර්ස් කෝපරේට් සමාගම, එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ ඉන්දික ප්‍රභාත් කරුණාජීව, සුජානි බෝගොල්ලාගම, ඉරේෂා සිල්වා, නිත්‍යා සේනානි සමරනායක යන අය නීතිපතිවරයා විසින් නම් කර තිබේ.
මෙම නඩුව දෙසැම්බර් මස 08 වැනිදා නැවත කැඳවීමට දින නියම කල අතර එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිට ලෙස ද දන්වා තිබේ.














































