මේ වන විට පවතින අධික වර්ෂා තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 04ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ කෑගල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
එම සංවිධානය ජනතාවට දැනුම් දී ඇත්තේ මෙම දිස්ත්‍රික්ක තුළ බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩාවැටීම් සහ පොළොව ගිලා බැසීම් සිදුවිය හැකි බැවින් විමසිල්ලෙන් පසුවන ලෙසයි.














































