හෙට (01) සිට නාරාහේන්පිට සහ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල විවෘතව තැබෙන අතර අවශ්‍ය කටයුතු සඳහා 0112 677 877 යන දුරකථන අංක ඇමතීමෙන් දිනයක් සහ වේලාවක් වෙන්කර ගතයුතු බව එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
මෙම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවල කටයුතු ද අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්ගේ මඟපෙන්වීම මත සිදුකර දෙන බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.
එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ කාර්යාලීය රාජකාරි දිනවල පෙ.ව.09.00 සිට ප.ව.04.00 දක්වා කාලය තුළ වාහන ලියාපදිංචිය සඳහා 0707 677 877 යන දුරකථන අංකයටත්,රියදුරු බලපත්‍ර සඳහා 0707 677 977 යන අංකයටත් අමතන ලෙසය.
එමෙන් ම කාර්යාලීය රාජකාරි වේලාවෙන් පසුව ද Whatsapp / Viber/ SMS යන පහසුකම් ඔස්සේ ඔබගේ විමසීම් කටයුතු සිදුකළ හැකි බව ද සඳහන් වේ.