විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කරන්නේ ගතවූ සති දෙකක කාලයට සාපේක්ෂව නිවෙස්ගතව ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය හරහා මේ වන විට ලියාපදිංචි වී ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාවේ පැහැදිලි වැඩි වීමක් පෙන්නුම් කෙරෙන බවයි.
මේ වන විට රෝගීන් 4000ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ගත වූ සති දෙකක කාලයේ දී එම සංඛ්‍යාව 3000ක් පමණ වූ බවද ඇය ප්‍රකාශ කර ඇත.
එමෙන් ම ගතවූ පැය 24 තුළ දී නව රෝගීන් 500ක් පමණ නිවෙස් ප්‍රතිකාර ක්‍රමවේදය යටතේ ලියාපදිංචි වී ඇති බවද සඳහන් කර ඇත.