නීති විරෝධී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද දුම්වැටි තොගයක් නීතිවිරෝධී අයුරින් තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරඇති අතර විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත.
වත්තල පොලිස් වසමේ වත්තල, කල්‍යාණි පාර, රබීනා කම්පැණි ඉඩමේ දී ඊයේ (18) සිදු කළ වැටලීමකින් මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇත.
මෙම වැටලීමෙන් දුම්වැටි අලෙවි කර ලබාගත් රුපියල් නව ලක්ෂ විසිදහසකට අධික මුදල් තොගයක් සහ වෑන් රථයක් ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම දුම්වැටි තොගය ප්‍රවාහනය කර ඇත්තේ වයස අවුරුදු 44 සහ 46 වන බේරුවල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් වන අතර අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ වටිනාකම ලක්ෂ පනහකට අධික බව ද වාර්තා වේ.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වත්තල පොලිසිය විසින් සිදු කරයි.