එක්ෂත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය අද (12) සිට ආරම්භ වන අතර එය එළබෙන ඔක්තෝම්බර් 07 දක්වා ජිනීවා නුවරදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිලිබදව පැමිණිලි ගනනාවක් එක්ෂත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත්ව තිබෙන අතර එම සියල්ලම වාර්තාවක් ලෙස අද (12) මානව හිමිකම් මහ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත්කරන බව වාර්තා වේ.
මෙම සැසියට රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් සැසිවාරය ඇමතීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරනමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද එක්ව සිටි. එසේම සමගි ජනබලවේගය නියෝජනය කරමින් කාවින්ද ජයවර්ධන සහ මුජිබර් රහුමාන් යන පාර්ලිමේන්තුවරුන් ද ජිනිවා නුවර බලා පිටත්ව ගොස් තිබුණි.
එසේම ශ්‍රී ලංකාවේ පීඩිත පන්තිය නියෝජනය කරමින් “ආදරයේ අරගලයේ” සාමාජිකයන් ද විශාල ප්‍රමාණයක් ජිනීවා බලා පිටත්ව ගොස් සිටි. පවතින රජයට සහ පැවති රජයට විරුද්ධව කරනු දැක්වීම ඔවුන් විසින් සිදු කිරීමට නියමිතව සිටි. එසේම විදේශගත ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක්ද ශ්‍රී ලංකා රජයට සහ ආරක්ෂක අංශවලට එරෙහිව කරුණු දැක්වීමට නියමිත බවද, ඒවාට අවශ්‍ය තොරතුරුද ඉදිරිපත්කිරීමට නියමිත බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මීට පෙර තිබු සැසි වලට වඩා මෙවර වෙනස් ස්වරූපයක් ගන්නා අතර සිංහල,දමිල මුස්ලිම් ජාතිකයන් එකම රටක් ලෙස එකතුව රජයට විරුද්දව කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ. පසුගිය කල වකවානුවල සිදු වූ පහර දීම් ඇතුළු රජයේ ආරක්ෂක අංශයන් විසින් සිදුකල නීතිවිරෝදී කටයුතු සියල්ලටම අවශ්‍ය කරුණු ඉදිරිපත් කර රජය හෝ ආරක්ෂක අංශ බේරා ගැනීමට නොහැකි තත්වයක් මෙවර දක්නට තිබේ. එය රටක් ලෙස අප ලබන දැවැන්ත පරාජයක් වනු ඇත. එසේම ආරක්ෂක හමුදා නිලධාරීන්ට මෙන්ම ඒවායේ ප්‍රධානීන්ටද විවිධ සම්බාධක පැනවෙනු ඇති බවට විශ්වාස කල හැක්කේ පැවති සිවිල් යුද්ධය සමයේ ආරක්ෂක හමුදාවන්ට එල්ල වූ යුධ අපරාධ චෝදනා නිසා මෙරට හමුදා නිලධාරීන්ට අත්ව තිබෙන ඉරණම දෙස බැලු විටය.
එම කාලයට වඩා මෙවර දැඩි සාක්ෂි තිබෙන බැවින් මෙවර කටයුතු ලෙහෙසියෙන් නිමා වනු ඇතැයි විශ්වාස කල නොහැක. ඒ අනුව අරගලයේ මුල් වකවානුවේ සිටම සිදු වූ සියලුම සිදුවීම් වලට මෙරට පොලිස්පතිට, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට මෙන්ම සෘජුවම වගකිව යුතු සියලුම හමුදා සහ පොලිස් නිලධාරීන්ටද විරුද්ධව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත.