පනාමුරේ පොලිස් ස්ථානය තුළදී තරුණයෙක් මියයාමේ සිද්ධියක් වාර්තා වී ඇති අතර මේ හේතුවෙන් එම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට අදාළ බලධාරීන් පියවර ගෙන ඇත.
එමෙන් ම මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් 03ක් අනුයුක්ත කර ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පැමිණ පනාමුර පොලිසිය අවට රැස්වී විරෝධතාවක් ද පවත්වා ඇත.
මෙම පුද්ගලයා පවුල් ආරවුලක් හේතුවෙන් බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන තිබූ අතර එසේ සිටිය දී සිරමැදිරිය තුළ දී ගෙල වැලලාගෙන මියගොස් ඇති බවට වාර්තා වේ.
මිය ගිය පුද්ගලයා 38 හැවිරිදි තිදරු පියෙක් වන අතර ඔහුව රෝහල්ගත කරන විටත් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.