බොරැල්ල වෛද්‍ය පර්‍යේෂණායතනය , සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබද ආයතනය , රුහුණු හා රජරට ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් එක්ව කළ සමීක්ෂණයකින් මෙරට වැඩිහිටියන් අතර 20%ක ප්‍රමාණයකට දියවැඩියාව රෝගය පවතින බවත් , පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියා රොගය පවතින බවත් අනාවරණය වූ බව වාර්තා වේ .














































