කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වය ඇතිව 30%ක් දේශීය අගය එකතුකිරීමක් සහිතව ප්‍රථමවරට දේශීය වශයෙන් එකලැස් කරන ලද ජීප්රථයක් වෙළඳපොළට හඳුන්වා දිම සිදු විය.
මතුගම ,වැලිපැන්නේ පිහිටි වාහන එකලැස් කිරීමේ අංගනයේ දී මෙම දේශීයව එකලැස් කළ ජිප් රථය හඳුන්වා දීම සිදුවිය.
එමෙන්ම එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, සම්මත මෙහෙයුම් පටිපාටිය හෙවත් එස්.ඕ.පි. හඳුන්වා දීමත් සමග ශ්‍රී ලංකාවේ වාහන එකලැස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින ආයතන දේශීය අගයක් එකතු කිරීම ඉහළ දමමින් සිටින බවයි.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ මේඩ් ඉන් ශ්‍රී ලංකා සංන්නාමය යටතේ වාහන මහමඟ ගමන් කරන අනාගතයක් සකස් කිරීමට හැකියාවක් ඇති බවට විශ්වාසය පළ කරන බවයි.