පළාත් අතර පැවති සංචරණ තහනම අද (31) අලුයම 04.00ට ඉවත් කෙරුණි.
පසුගිය දිනක පැවත කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වූ ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා අද දිනයේ පළාත් සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර ඇත.
ඒ ජන ජීවිතය අඩාල නොවී නව සාමාන්‍යකරණය යටතේ පවත්වාගෙන යාමේ අරමුණ ඇතිවය.
එමෙන්ම එහි දී ජනාධිපතවරයා රට තුළ මේ වන විට පවත්නා තත්ත්වය පාලනය කරගනිමින් රට සාමාණ්‍යකරණයට ගෙන ඒම සඳහා වන ක්‍රියාවලිය සඳහා පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් වැඩි වගකීමක් ගත යුතු බව සඳහන් කරමින් රටේ සියලුම අංශ සම්බන්ධීකරණය කරමින් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ තවදුරටත් සාර්ථක කර ගැනීම සඳහා කැපවෙන ලෙසට ඉල්ලීමක් ද කර ඇත.
කෙසේවෙතත්, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ගේ දැක්වෙන්නේ පළාත් අතර ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවා ආසනගත මගින් සඳහා පමණක් ක්‍රියාත්මක විය යුතු බවයි.