යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, හෙට (01) දිනයේ සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළ ද කිසිදු හේතුවක් මත පළාත් අතර සංචරණ සීමා ඉවත් නොකරන බවයි.
නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට අදාළව පනවනු ලබන නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ සීමාවන් පිළිබඳව අද (30) දිනයේ දී ජනතාව දැනුවත් කරන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත.
යුද හමුදාපතිවරයා කොල්ලුපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිළිබඳව සඳහන් කර ඇත.