ලංකාවේ මේ වන විට මත්ද්‍රව්‍ය තරුණ පරම්පරාවට සීග්‍ර ලෙස සම්ප්‍රේෂනය වෙමින් පවතියි.මෙය පාසල් සිසුන් අතරට ද මේ වන විට පැමිණ හමාරය.
විශේෂයෙන් බස්නාහිර පළාත තුළ කඩිනමින් මෙය ව්‍යාප්තවනු ලබයි.මෙනිසා බස්නාහිර පළාතේ පාසල් සිසුන් මෙම ඛේදවාචකයෙන් ගලවා ගැනීම සඳහා දෙමාපියන්, ගුරුවරුන්, කලාප නිලධාරීන් සහ පොලිසිය එක්ව “සුපරික්ෂාකාරී කමිටු” කඩිනමින් පිහිටුවීමට තීරණය කර ඇත.
මේ සඳහා අවශ්‍ය කරන උපදෙස් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ලබා දී ඇත.
එමෙන්ම එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ පාසල් සිසුන් ඉලක්ක කරමින් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙසයි.
කෙසේ නමුත් මෙම ගැටලුව බස්නාහිර පළාතට පමණක් පොදු ගැටලුවක් නොවේ.වර්තමානය වන විට සෑම ප්‍රදේශයකම පාහේ තරුණ ප්‍රජාව මෙන්ම බාලවයස්කාර දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුව ඇත.
රටේ අනාගත පරපුර මෙවැනි තත්ත්වයකට පත්වීමට සමස්ත වැඩිහිටි පරපුරම වගකිව යුතුව ඇත.විශේෂයෙන් පාලක පන්තිය නිසි ලෙස මෙම ජාවාරම්කරුවන්ට දඬුවම් ලබා දෙන්නේ නම් මෙවැනි තත්ත්වයක් උදාවීමට ඉඩ නොමැතිව තිබුණි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන්නේ ද බලය ධනය හිමි අයගේ ආරක්ෂාවට යටත්ව බැවින් නීතියට ද අද වන විට එය හසු කර ගැනීමට නොහැකිව ඇත.
බලය ඇ්තන් පසුපස සැඟව කරන මෙම කටයුතු මර්දනය කිරීමට ජනපතිතුමන්ගේ අවධානය යොමු විය යුතුව ඇත.ජනතාවගේ ගැටලු මහමගට බැස කෑ ගසා කියන පුද්ගලයින් මර්දනය කිරීම වෙනුවට සිදුකර යුතුව ඇත්තේ මෙම ජාවාරම්කරුවන් මර්නය කිරීමයි.














































