අද (15) කොළඹ මහාධිකරණය හමුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව අධිචෝදනා භාර දි ඇත.
පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තා සමග එක්ව නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පිපිරුම් උපක්‍රම 21ක් නිෂ්පාදනය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙනි.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ එම නීතිපතිවරයා විසින් ගොනුකරන ලද අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාර දීම සිදුවිය.














































