පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් පිළිබඳව කරන ලද විමර්ශනයන්හි අතුරු වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇති බව අල්ලස් කොමිසමේ ලේකම්, අප්සරා කල්දේරා ප්‍රකාශ කර ඇත.
පසුගිය දිනවල පැන්ඩෝරා පත්‍රිකාවන්හි නම් සඳහන් හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමරන් නඩේෂන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කළ අතර ඔහු එහිදී දෙවරක් පැමිණ ප්‍රකාශ ලබා දී ඇත.
පැන්ඩෝරා පත්‍රිකා සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇති තොරතුරු පිළිබඳ විමර්ශන කටයුතු වහාම ආරම්භ කරන ලෙස අල්ලස් කොමිසම වෙත නියෝග ලබා දෙනලද්දේ ජනපති විසිනි.
එහි දී ජනාධිපතිවරයා සඳහන් කළේ මසක් ඇතුළත දී මේ පිළිබඳ වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙසයි.