විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් රෝහල්වල පැරසිටමෝල් පවා දැඩි හිඟයක් පවතින බවයි.
මෙරට තුළ සාමාන්‍ය රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ වර්ග 1300 කට අධික ප්‍රමාණයක් භාවිතා වන අතර ඉන් ඖෂධ වර්ග 383 ක් අත්‍යාවශ්‍ය ඖෂධ ලෙස සළකනු ලැබේ.
මේ වන විට රට තුළ එවැනි ඖෂධ 160 ක පමණ ප්‍රමාණයක හිඟයක් පවතින බව වැඩිදුරටත් අදහස් දක්වමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.















































