වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ පියයුරු පිළිකා වැළඳීම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මෙරටින් දිනකට පියයුරු පිළිකාවලට ගොදුරු වූ කාන්තාවන් 12 දෙනෙකු පමණ වාර්තා වන බව පිලිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වන විට පියයුරු පිළිකා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇත.
පියයුරු පිළිකා පිළිබඳ පරීක්ෂණ පහසුකම් ඉහළ දැමීමත් සමග මෙසේ පියයුරු පිළිකා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් සිදුව ඇත.
පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළේ පසුගිය වසරවලට සාපේක්ෂව පියයුරු පිළිකා හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ පහසුකම් සහ අවස්ථා මේ වන විට පුළුල් කර ඇති බැවින් මෙසේ පිළිකා රෝගීන් හඳුනාගැනීම ඉහළ ගොස් ඇති බවත් බොහෝ කාන්තාවන් පියයුරු පිළිකා පරීක්ෂණ සිදුකිරීම සඳහා වැඩි උනන්දුවක් දක්වන බවත් ය.
අවදානමට පෙර සූදානම වැදගත් බව මතකේ තබාගෙන කාන්තාවන් නිතර සිය පියයුරුවල යම් වෙනසක් වේ නම් ඒ පිළිබඳ පරීක්ෂණ සඳහා වහා යොමු වීම ඉතා වැදගත් වේ.
















































