මහනුවර ජාතික රෝහලේ පිළිකා ඒකකයේ ලක්ෂ 48ක් වූ විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවදානය යොමු කරමින් පෙන්වා දුන්නේ මෙම විදුලි විසන්ධි කිරීම හමුවේ එම ඒකකයේ ප්‍රතිකාර ද නැවතී ඇති බවයි.
පිළිකා රෝගීන් සදහා වන රේඩියන්ට් ට්‍රිට්මන්ට් වැනි ප්‍රතිකාර ද මේ වන විට ලබා දීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේය.
ලක්ෂ ගණනින් විදුලි බිල් එකතුවන තුරු රෝහලේ පරිපාලනය නැතිනම් මේ පිලිබඳ වගකිව යුත්තන් ඒවා ගෙවා දැමීමට කටයුතු නොකළේ මන්ද යන්න සොයා බැලිය යුතුවා සේම රෝගීන්ගේ ජිවිත සමග කරන මේ සෙල්ලම දැන්වත් නවතා දැමිය යුතුව ඇත.
මෙම විෂය පථයන් සම්බන්ධයෙන් වගකීමට පත්කර ඇති පාලකයින් මෙන්ම නිලධාරින්ද සිය රාජකාරිය නිසි අයුරින් සිදු කලේ නම් මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට මේ අසරණ රෝගීන්ට සිදු නොවිය හැක.
දැන්වත් නිසි ක්‍රියාමාර්ග ගෙන මෙම අඩපන වී පවතින රෝගීන්ගේ ජිවිත රඳා පවතින ප්‍රතිකාර සිදුකිරීමේ කටයුතු ආරම්භ කළ යුතුය.













































