රටේ ඖෂධ අර්බුදය හා ආර්ථික ගැටලු හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇත.
ඖෂධ සඳහා වැය වන අධික වියදම හමුවේ රෝගීන් ඉතාමත් අසරණව ජීවිතය වෙනුවෙන් අපේක්ෂා කැටිකරගෙන ජීවිතය සමග සටනක යෙදෙනු ලබයි.
එවැනි පසුබිමක් තුළ මහරගම පිලිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා විසින් ඉ්ලා සිටියේ පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීමට හැකියාව ඇති අයට ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි.
වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේ එසේ පරිත්‍යාග සිදු කිරීමට කැමති අයෙක් වේ නම් ඒ පිලිබඳ තොරතුරු රෝහලේ පරිත්‍යාග ඒකකයට දුරකථන ඇමතුමක් ලබාදී හෝ පැමිණ එහි සිටින සෞඛ්‍යවේදිනිය සම්බන්ධ කරගැනීමේ හැකියාව පවතින බවයි.
රෝහලට අවශ්‍ය කරන ඖෂධ පරිත්‍යාගයන් මොනවාද යන්න රෝහලට පැමිණ හෝ දුරකථනය ඔස්සේ විමසා දැනගෙන එම ඖෂධ ලබා දීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් පහසුදායක බව ද වෛද්‍ය අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මේ අතර අද (22) දිනයේ දී මහරගම වෙළඳ සංගමය විසින් රු.1,000,000ක් වටිනා ඖෂධ තොගයක් රෝහලට පරිත්‍යාග කර ඇත.
ඇති හැකි පමණින් ජීවිතයක් සඳහා යම් වටිනාකමක් ලබා දීමට ඔබට ද වටිනා අවස්ථාවක් හිමිව ඇත.මෙරට පමණක් නොව විදෙස්ගතව සිටිනා අයෙක් වේ නම් ඔබට ද මෙයට දායක වීමේ හැකියාව ඇත.
















































