අප පසුගියදා (මේ සමග යා කර තිබේ) “දුප්පතුන්ට දුන් සහල් සමෘද්ධි නියාමකවරියගේ පුතාගේ මඟුල් ගෙදරට දීලා. පොහොට්ටුවේ දේශපාලන හයියක් තියෙනවාලු. වංචා දූෂණ ගණනාවක් සිදුකරලා”, මැයෙන් පුවතක් පල කරන ලදී.
එම පුවතට ප්‍රතිචාර දක්වමින් රත්නපුර, පල්ලෙබැද්ද, මුත්තෙටුපොල නැමති ගමක ජීවත් වන එම් ඩිංගිරි මැණිකේ නමින් හදුන්වා දුන් සමෘද්ධි නියාමකවරියක් අපගේ ක්ෂණික ඇමතුම් සේවයට කතා කරන ලදී. ඇයගේ පුතෙකු ප්‍රථමව අප සමග කතා කරමින් වචන හරඹයක පැටලුනු අතර අප එම පුවත සම්බන්ධයෙන් සම්පූර්ණ කරුණු පැහැදිලි කරන ලදී. ඉන් පසුව ඔවුන් සුහදශීලි ලෙස අප සමග කතා බස් කරමින් දීර්ඝ විස්තරයක් අප වෙත ලබා දෙන ලදී. විශේෂයෙන්ම එම පුවත තුල නීත්‍යනුකූලව මෙන්ම සදාචාරාත්මක ලෙස හෝ අපට කතා කල ඉහත ලිපිනයේ පදිංචි සමෘද්ධි නියාමකවරියක් වන එම් ඩිංගිරි මැණිකේ ලෙස සදහන් කර නොමැති අතර එහි සඳහන්ව ඇත්තේ “ ඩිංගිරි”නමැති අන්වර්ථ නාමයක් පමණි.
අපට කතා කල නිලධාරිනියගේ ගමේ ඔවුන්ගේ තරහකාරයන් එකතුව එහි අප පලකල පුවතේ චායා පිටපත් ගෙන ගම්වාසීන් අතරේ හුවමාරු කරගන්නා බවද අප වෙත දැනුම් දෙන ලදී. අප පළකර තිබෙන පුවත කියවන ඕනෑම කෙනෙකුට දැනීමේ ඥානයක් තිබේ නම් අප පලකරන ලද පුවතක් ගෙන විවිධාකාරයෙන් ප්‍රචාරණ නොකළ යුතුය. යමෙක් එසේ ප්‍රචාරය කරන්නේ නම් එයින් ප්‍රකාශ වන්නේ ඔහුට හෝ ඇයට කොන්දක් නැති බවයි. ඔවුන්ට කොන්දක් තිබේ නම් කල යුත්තේ එම් ඩිංගිරි මැණිකේ නමැති කාන්තාවට විරුද්ධව පොලිසියට හෝ අදාළ ආයතනවලට ගොස් පැමිණිලි කිරීමයි.
කෙසේ වෙතත් “ ඩිංගිරිලා” ඕනා තරම් සිටී. එසේම වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම් බල ප්‍රදේශය තුල සහල් බෙදා දීමේ කටයුතු සිදුකර තිබෙන්නේ ග්‍රාම නිලධාරීන් බවද කිය වේ. අප එම පුවත පලකිරිමටත් ප්‍රථමවම එම පුවත එම ප්‍රදේශය පුරාම පැතිරී තිබුණි. කෙසේ වෙතත් අනුන්ගේ පුවතකින් අප ඉලක්ක කර නොගත් ඉලක්කයක් ගැනීමට කොන්දක් නැති මිනිසුන් කටයුතු කරන්නේ නම් එසේ කරන්නන් සොයා ඔවුන්ට විරුද්දව නීතියට අනුව කටයුතු කිරීම ද අදාළ පුද්ගලයන්ගේම වගකීමකි.
කෙසේ නමුත් අප එළිදරව්වක් කර තිබේ. අප එළිදරව් කර තිබෙන්නේ අපට ලැබුණු තොරතුරු ඔස්සේ වන නමුත් කරුණු කාරනා සොයා බලා මේ චෝදනාවට ලක්වන කාන්තාව නිසි ලෙස සොයාගෙන නිසි විමර්ශනයක් සිදුකිරීම බලධාරීන්ගේ වගකීමකි. බලධාරීන් එයට ගන්නේ කුමනාකාරයේ ක්‍රියාමාර්ගයක්ද, පරීක්ෂනය කරන්නේ කුමන ආකාරයකින්ද, සාක්ෂි සොයන්නේ කෙසේද යන්න පිලිබඳව අපද විමසිල්ලෙන් සිටී.
අපගේ පුවතින් ඩිංගිරි යන සැබෑ නාමයන්ගෙන් පෙනී සිටිනා පුද්ගලයන්ට යම් අපහසුතාවයක් ඇති වුයේ නම් අපගේ බලවත් කනගාටුව ද මෙසේ පළකරන්නෙමු.
(කෙසේ වෙතත් අප පලකල පුවතේ සත්‍යතාවය සෙවීම සදහා මෙම පුවත බාධකයක් නොවිය යුතුය.)
















































