English
සිංහල
02:04 බදාදා, ජූලි 16, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොලිස් ඉතිහාසයේ දූෂිතම පොලිස්පතිගේ දූෂිත දෙබිඩි වැඩ එලියට එයි. හොඳටම කලේ ශ්‍රී ලංකාවේ පොලිස්පති තමයි. හරියට වැඩකරන අයට උඩ දමා පයින් ගසයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පොලිස්පති යනු ජනතාවගේ අරක්ෂකයාය. එම තනතුර එසේ මෙසේ තනතුරක් නොවේ. එය භයංකාරය. බලපුලුවන්කාරය. නමුත් සියල්ලම සිදුවිය යුත්තේ නීතියට අනුවය. එහෙත් සියල්ලම සිදුවන්නේ නීතියට පයින් ගසමිනි. පොලිස්පතිවරුන්ගේ ඉතිහාසයේ දූෂණ, වංචා, අක්‍රමිකතා, නීතිවිරෝදී අත්අඩංගුවට ගැනීම්, පොලිස් නිලධාරීන්ට නඩු වැටීම්, දේශපාලන ඇගිලිගැසීම්, පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරුන්ට බලපෑම් සිදුකිරීම් ආදී ගෝත්‍රික ඝනයට නොහොත් නීතිවිරෝදී ක්‍රියා සියගණනක් සිදුවන්නේ වර්තමාන පොලිස්පතිවරයා යටතේය. කෙසේ වුවත් ස්වාධීන පොලිස් දෙපාර්තමේන්තුවක් ශ්‍රී ලංකාවට නැතිවීමේ ඵලය නිසා මේ වන විට පොලිස්පති පමණක් නොවේ පොලිස් දෙපාර්තමේන්තුවේ හොඳ නිලධාරීන්ටද පාරක්වත් බැස යාමට නොහැකිව තිබේ. එසේම යම් දවසක ස්වාදීන පොලිස් දෙපාර්තමේන්තුවක් නිර්මාණය කරන්න නම් ඊට පෙර පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් දස ගණනක් ඉවත් කර අලුත්ම නිලධාරීන් බඳවා ගැනීමට සිදුවනු ඇත.

    සමහර දූෂිත උසස් පොලිස් නිලධාරීන්ගේ දූෂිත ක්‍රියාවලියන් සැබවින්ම ශ්‍රී ලංකාවට විශාල කරදරයක් වී තිබේ. වාහන හොරකමකට රිමාන්ඩ් වූ උසස්  පොලිස් නිලධාරියා දැන් ප්‍රදේශයක් භාර නිලධාරියෙකි. අප මීට පෙර දිනක වාර්තා කල උන්ඩියල් ක්‍රමයට ලක්ෂ 75 ක් උපයන ලද ව්‍යාපාරිකයාට එම මුදල් ලබා දීම පිළිබඳව චෝදනා එල්ලවන්නේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නටය. ඔහු එවකට DIG තෙන්නකෝන් යටතේ සිටි අතර මෙම ලක්ෂ 75 අත් අඩංගුවට ගැනීමට රාජකාරිය කිරීමට ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ඇතුළු පිරිස අදාළ මුස්ලිම් ජාතික ව්‍යපාරිකයාගෙන් කප්පම් ගැනීමට ගිය බව පවසමින් ඔවුන් අත් අඩංගුවට ගැනීමට උප පොලිස් පරීක්ෂක රත්නායක ඇතුළු කණ්ඩායමක් එවා තිබෙන්නේ DIG තෙන්නකොන්ය. අත් අඩංගුවට ගෙන තිබු එම මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයාගේ උපන්දිනය තිබු බව කියවෙන එම මස 26 වැනි දින ඔහුගේ නිවසේ තිබු පාටියට ඔහුව රැගෙන ගිය බව කියවෙන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා අද එම ප්‍රදේශයේම ASP කෙනෙකි. පොලිස් අත් අඩංගුවේ සිට තම නිවසේ පැවති සාදයට ඔහු රැගෙන ගිය පොලිස් ජීප් රියේ රියදුරා වන්නේ රොෂාන් නමැති නිලධාරියෙකු බව කියවෙන එය එකල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ජීප් රථය බවද කියවේ. එසේම එම ගමන යාමට මුස්ලිම් ව්‍යාපාරිකයා විසින් රුපියල් ලක්ෂ 10 ක් උසස් පොලිස් නිලධාරීන්ට අල්ලස් ලෙස දී තිබෙන අතර එවැනි බොහෝ පොලිස් නිලධාරීන්ට මේ වන විට සුපිරි ජීවිත ගත කරති. එවැනි පොලිස් නිලධාරීන්ට මරණීය දණ්ඩනය ලබා දීම සදහා නවතම නීති සැකසිය යුතුය . එම මරණීය දණ්ඩනයට ලක් විය යුතු එම නිලධාරීන් නිසා ලක්ෂ 75 හේ සිද්ධියට අදාලව ව්‍යාපාරිකයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල පොලිස් නිලධාරීන් 13 දෙනෙකුට කල අපරාධය පොලිස්පතිටවත් නොපෙනීමෙන් පෙනී යන්නේ තව දුරටත් තනතුර බාල්දු නොකර, අමාරුවේ නොවැටී පොලිස්පතිටද ගෙදර යාමට කාලය ඇවිත් තිබෙන බවයි. එවැනි දූෂිත නිලධාරීන් සියලුම දෙනාගේ අපල කාලය අනාගතයේ නියත වශයෙන්ම උදා වන බව අපට පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් පොලිස්පතිවරයා මේ සියලුම සිදුවීම් වලදී දේශපාලනික වශයෙන් යම් යම් පීඩාවන්ට ලක්ව තිබිය හැකිය. මැයි 9 වැනිදා ප්‍රහාරයේ චුදිතයන් පවා අත් අඩංගුවට ගැනීමට නොහැක්කේ එවැනි බලපෑම් නිසා බවද අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් පොලිස්පති ලෙස ඔහු වගකීමට බැදී සිටි.  

    ඉහත ලක්ෂ 75 හේ සිද්ධියේ නවතම සිද්ධිය මේ වන විට ලංකා සර වාර්තා කර තිබේ. එයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සහ වත්මන් වැඩබලන නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර උතුර) රොහාන් ප්‍රේමරත්න විසින් සිදුකළ බවට සැක කරන රුපියල් ලක්ෂ 75ක මූල්‍ය අපරාධය පිළිබඳ කරුණු අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී එන්.වී ලෝරන්ස් වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරු කර යවා තිබේ. කෙසේ නමුත් දීර්ඝ කතාවක් හෙළිකරමින් එම කතාවේ යුක්තිය අනාගතයේ හෝ ලබාගත හැකි ලෙස විශිෂ්ඨ පරීක්ෂණයක් ඔහු සිදු කර තිබේ. එම ප්‍රදේශයේ භාරව සිටින DIG තෙන්නකෝන්, DIG රොහාන් ප්‍රේමරත්නට හෝ ASP මහින්ද විල්ලවආරච්චිට දැන් කල හැක්කේ පෑලියගොඩ පොලීසිය තුල තිබෙන එම පැරණි වාර්තා විනාශ කිරීමටය. නමුත් ඒවා දැන් එලියට පැමිණ අවසන්ය.  

    එම සිද්දිය පුවත් වාර්තා කල ආකාරය

    ලොව දූෂිතම පොලිස් දෙපාර්තමේන්තුවක් ලෙස නම් කර තිබෙන්නේ ඝානා පොලිසියයි. එහි පොලිස්පති අචාර්ය ජෝර්ජ් අකුෆෝ දම්පාරේ විසින්ම තම පොලිසියේ දූෂණ වංචා හෙළිදරව් කරමින් තම ආයතනය සුරක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා කුමාසි හි ප්‍රසිද්ධ දේශනයක් පවත්වමින් වෛද්‍ය දම්පාරේ කියා සිටියේ දූෂිතයන් සහ “බලසේනාවේ සාමාජිකයන් අතර නරක මිනිසුන්” කිහිප දෙනෙකු සිටීමෙන් සේවාව කිසි විටෙකත් පලා ගොස් නැති නමුත් තමන් කිසි විටෙකත් සේවාවේ දූෂිත ටැගය පිළිගන්නේ නැති බවයි.

    ඒ අතර නයිජිරියා පොලිස්පති ඊබ්‍රාහිම් ඉඩිස් මහතා පවසන්නේ පොලිස් බලකායට එරෙහිව අල්ලස් හ දූෂණ චෝදනා තිබියදීත්, පොලිස් නිලධාරින් අතර දූෂනය විශාල ලෙස අඩු වී ඇති බවයි. ශ්‍රී ලංකාවේ පොලිස්පතිට නම් කියන්නට තිබෙන්නේ “මට විශ්‍රාම යනවාට වඩා කරන්න දෙයක් නෑ” කියා විය හැකිය. නමුත් ඊබ්‍රාහිම් ඉඩිස් මහතාටද දූෂණ චෝදනා තිබුණු අතර ඔහු හොරාගේ අම්මාගෙන් පේන අසන්නා සේ එසේ ප්‍රකාශ කර තිබුණි

    ලංකා සර වාර්තාව.

    පොලිස් ආරංචි මාර්ග හෙළිදරවු කරන ආකාරයට පොලිස් අධිකාරී එන්.වී ලෝරන්ස් වෙත මෙම ස්ථාන මාරුව ලැබෙන්නේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වකවානුවේ අත්අඩංගුවට පත් වී සිටි නයිජිරියානු හා ශ්‍රී ලාංකීය උණ්ඩියල් ජාවාරම්කරුවන් පිරිසක් අරභයා අධිකරණයත් නොමග යවා කළ අකටයුත්තක් ගැන එවකට මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම් ජගත් අල්විස් විසින් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලක් අනුව පොලිස්පති නියමයෙන් කළ විමර්ශනයක් හේතුවෙන් බවද ඔවුන් වාර්තා කර තිබේ.

    නීති විරෝධී ජාවාරමක යෙදුන මෙම උණ්ඩියල්කරුවන් සමග අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ ලෙස සැලකෙන රුපියල් ලක්ෂ 74ක් ඔවුන් වෙතම ලබා දී විමර්ශනය නිමා කිරීම සම්බන්ධව එම චෝදනාව ගොනු වී තිබිණි. පොලිස්පති නියමයෙන් කළ මෙම විමර්ශනය සම්පූර්ණ කර සියලු තොරතුරු හෙළිදරව් කරගෙන විමර්ශන වාර්තාව පොලිස්පතිවරයා වෙත යොමු කර පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම නිලධාරියා සම්බන්ධ  විමර්ශනයක් සිදුකරන ලෙසත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හරහා විශේෂ පරීක්ෂණයක් කරන ලෙසත් එම විමර්ශන නිර්දේශවල සඳහන්ව ඇති බව ද සඳහන් වේ.

    එසේම මෙම විමර්ශන ලිපිගොනු පොලිස්පතිවරයා වෙත භාර දී මාස හයකට අධික කාලයක් ගතවුණු පසුත් කිසිම පියවරක් ගෙන නැති අතර පසුගිය 05 වැනිදා නිමා කළ විමර්ශනය සම්බන්ධව කරුණු අධිකරණයට වාර්තා කිරීමට වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා කටයුතු කර තිබිණ.

    එසේ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමත්න විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර තිබේ. එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාව සිටි එන්.වී ලෝරන්ස් ධූරයෙන් පහ කර වහාම ක්‍රියාත්මකවන පරිදි ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට වෙත මාරු කර යවා ඇති අතර විමර්ශනය සිදුකළ නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට නියම වී ඇතැයි ද සඳහන් කර තිබේ.

    කරුණු කාරණා කෙසේ වෙතත් මේ වනවිට සියල්ලම අධිකරණයට වාර්තා කර තිබේ. දැන් තමන්ට හිතවත් පොලිස් නිලධාරියෙකු එම ස්ථානයේ වාඩි කර නඩුව ඉවත් කරනු ඇත. පොලිස් නිලධාරීන්ට එසේ කල් හැකිය. නමුත් සියලුම දෙනා නටන්නේ එලිපිටය. සියලුම අරගල මෙන්ම ගැටළු සියල්ලටම හේතුව වන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මෙන්ම සමස්ත රාජ්‍ය සේවයේම සමහර නිලධාරීන්ගේ මෙම මාෆියාව නිසාය

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version